Saturday, February 9, 2013

ආයුබෝවන්



ආයුබෝවන් කියලා තියෙයිනොව හෙඩිමෙම.කමක් නෑ ආයෙත් ආයුබෝවන් !  

ලාස්ට් රෝවේ කරක් ගගහා හිටිය සිංදුවා උගේම කියල නමෝවිත්තියෙන් පටාන් ගන්න බොලොක්කුවට,එන සෑමදෙනාවම ඒ කිව්වේ, කෙල්ලන්ව ආදරයෙනුත් කොල්ලන්ව සාදරයෙනුත් පිලිගන්නවා.

මේකේ පලවෙන්නේ පැරණි ඉපැරණි ගීත ගැන වගේම වර්තමාන හොඳ ගීත ගැන.ඒවා හැදුනු හැටි ඒවායේ තේරුම් ඒ වගේ විස්තරයක්.සඳ හිරු තරු පවතිනකම් අපි මැරෙන්නේ නැති නිසා හෑලි කියවන්න තව කල් තියෙයි.

මේක මුල්ම පොස්ට් එක නිසා ඉතාම කෙටියෙන ලියනවා. නන්දා මාලිනිය ඇගේ පළමු දරුවා මෙලොවට බිහි කිරීමට ඇයගේ මව සමග කාසල් රෝහලට ගොස් සිය කුළුදුල් දරුවා මෙලොව එලිය දුටු පසුව ඇය නිදාගෙන සිටියදී හදිසියේම මැදියම් රාත්‍රියේ අවදි වෙලා බලනකොට නන්දාවන්ගේ මව පත්තර කොළ දෙකක් එලාගෙන ඇය නිදාසිටි ඇඳ අසල නිදා සිටියාලු.එය දුටු වේලේ සිට නන්දා මාලිනියන්ට නින්ද නොපැමිනියාය ඇය මේ විදින වේදනාවම ඇගේ මවත් විඳින්න ඇතිනේද කියා සිතුනාලු. සනීප වී ආ පසු ඇය ඇගේ සිතේ තිබු මව ගැන ආදරය ගීතයකින් කීමට අදහස් කලාලු ඇයගේ ඒ අදහසට අනුව මහාචර්ය සුනිල් ආරියරත්නයන් මෙම ගීතය රචනා කළේලු.සිංදුව තමයි මට මව් පදවිය

 මට මව් පදවිය ලැබුණු දිනේදී
නු‍ඹේ අගේ මට දැනුනේ
අම්මේ නුඹේ අගේ මට දැනුනේ

ඇතෙක් බරට දායාද නොසෙව්වද
සිප් සයුරේ පර තෙරට නොයැව්වද
මවුකම ලද දා දැරූ දුකම ඇති
නුඹේ නමින් පා දූවිලි වන්නට

උඩට උඩුවියන් මවා නොදුන්නද
සිරුරට මුදු සුව යහන් නොදුන්නද
දස මස මා කුස දැරූ පිනම ඇති
නුඹට බුදුන් දැක නිවන් දකින්නට


 - නන්දා මාලිනිය -

13 comments :

  1. නියම වැඩක් සිංදුවා..
    දිගටම කරගෙන යන්න සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චතුරේ :D

      Delete
  2. දිගු ගමනකට සුබ පැතුම් .... !!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචන්

      Delete
  3. අහා....
    ආයුබෝවන්
    මගේ උණුසුම් සුබ පැතුම්
    සුඛි දිඝායුකෝ බ්ලෝග....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මලේ

      Delete
  4. අඩේ පට්ට ඈ..... ජයවේවා....
    සිංහල බ්ලොග්කරුවන් අතරට සාදරයෙන් පිලිගන්නවා....!

    :D

    ReplyDelete
    Replies
    1. ටැංකු ටැංකු මස්සිනා

      Delete
  5. මගෙනුත් ඔන්න, සැහෙන්න පරක්කු වෙලා හරි සුබ පැතුම්. නියම වැඩක් :)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි හොඳේ ! :)

      Delete
  6. අදයි ආවේ.. කොල්ලා මරදානේ ද ඉස්කෝලේ ගියේ? :)

    ReplyDelete
    Replies
    1. හෑ ? නෑ නෑ රත්නපුරේ :D

      Delete
  7. ලඟදි අපි ඇඹිලිපිටියේ මල ගෙදරක යද්දී රත්නපුරේ සීවලී එක දැකල මම කිව්වනේ අන්න අන්තිම පේලියේ සින්දුවාගේ ඉස්කෝලේ කියලා

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.