Monday, December 23, 2013

සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ - දම් පාටින් ළා සඳ බැස යනවා


දැන් දැන් ආයේ ඔන්න පරණ සිංදු එලියට හෙමින් හෙමින් එනවා නෙහ් ?
දැන් පරණ සිංදු විචාරය වෙන සයිට්ස්, බ්ලොග්ස්, ගෘප්ස්, ටීවී ප්‍රෝග්‍රෑම්ස්, රේඩියෝ ප්‍රෝග්‍රෑම්ස් එන්න එන්නම වැඩි වෙනව වගේ තේරෙනවා. ඔතනදි හයිලයිට් වෙන්න ඕනි වර්ඩ් එක "පරණ සිංදු" කියන එක. ඇයි දැන් අලුත් සිංදු හොඳ නැද්ද ඒ තරම් ? මොකෝ නැත්තේ තියෙයි තියෙයි. හැබැයි ඒවා විචාරයකට ලක් වෙනවා මට නම් මීටර් නෑ.  එහෙම කිව්වම හිතයි අද යන්න හදන්නේ අලුත් සිංදුවකට කියලා. ඒකටනම් උත්තරේ නෑ ගොයියෝ :))



ගොඩක් වෙලාවට ගීතයක් විචාරය කිරීම යන්න ගත්තම අපි කරන්නේ මොකක්ද ?
පද ටික අරගෙන එතන පද වලින් අරුත් වෙන දේ සරල බසින් කියාදෙන එකනේ.කලින් කිව්වා වගේ එහෙම කරන ගොඩක් වැඩසටහන් දැන් දැන් තියෙනවානේ. අඩුම තරමේ එහෙමවත් වෙන එක නම් ලොකු දෙයක්. හැබැයි මම මතු කරන්න හදන්නේ මෙතැනදී ඒ විතරක් ඇතිද යන්න. ගීතයක් බිහිවෙන්නේ පද රචනයෙන් විතරද ?

අන්න ඒ ගැන සලකද්දී මමනම් හිතන්නේ ගීතයක් හරියට විචාරය වෙන්න ඕනිනම් ප්‍රධාන වශයෙන් දෙදෙනෙක් ඕනි.

1. ඒ පද වල අර්ථ රසය ගැන විචාරය කරන්න සිංහල සාහිත්‍ය දැනුම ඇති කෙනෙකුයි 
2. සංගීතය ගැන කතා කරන්න සංගීතඥයෙකුයි 

දැන් ඔය දෙන්නා ඇතිද ? පට්ටම විචාරයක් වෙන්නනම් මම හිතන්නේ ඒත් මදි. එතකොට පට්ටම විචාරයක් වෙන්න මොනාද ඕනි ?

1. ඒ පද වල අර්ථ රසය ගැන විචාරය කරන්න සිංහල සාහිත්‍ය දැනුම ඇති කෙනෙකුයි
2. පද වල නියම අර්ථය පහදවන්න, ඒ වගේම ගීය සම්බන්ධ සිද්ධීන් තිබේනම් කියන්න ඒ ගීයේ පද රචකයා
3. ගීතයේ සංගීත නිර්මාණය කල තැනැත්තා

හතර වෙනියනම් අවශ්‍යම නෑ. ඒත් හිටියොත් තවත් පට්ට.

4. ගීතය සම්බන්ධ වෙනත් සිදුවීම් ඇත්නම් ඒවා ගැන දැනගන්න ගායකයා

ඕකේ මුලින්ම ඉන්න සාහිත්‍යදරයාගේ විචාරයෙන් අපිට සිංදුවක් මධ්‍යස්තව අදහසක් ගන්න පුළුවන්. ඒ කිව්වේ සිංදුවෙන් කියවෙන දේ ගැන වැටහෙන අදහස, ඒ වගේම සිංදුවේ අදහස අරගන්න සීමා වුනු තැන්. ඒ ඒ වගේ කාරනා ගැන අදහසක් ගන්න පුළුවන්නේ.

දෙවෙනියට ඕක ලියන්න රචකයා හේතු කරගත්ත නිධාන කතාව සමග ගී පද රචකයාගේ විග්‍රහය. දැන් අපි ඕක ඇහුවම දන්නවා ටක්කෙටම මෙයා මේ මොකක්ද කියන්න හදන්නේ කියලා .එතකොට අපිට සංසන්දනයක් කරන්න පුළුවන් කොයිතරම් දුරට ඒක අපිට ක්ලික් වුනාද කියලා. ඒ වගේම ඒ නිධාන කතා දැනගත්ත නිසා ඒ ගීතයේ වැඩි රසයක් අපිට දැනෙන්න පුළුවන්.

මෙන්න මේ පාට් එක තමයි දැන් වෙන්නෙම නැත්තේ. ඒ ගීතයේ සංගීතය ගැන විමසන එක. අපිට ඔය තනුවක් දානවා කිව්වම නිකන් කොලයක ලියපු ස්වර ටිකක් මැවුනාට ඒක ඊට එහා ගිය විෂයක්. තනුව දානකොට සලකපු දේවල්, ඒ කියන්නේ ඇයි මෙතැනදී වේගෙයෙන් කියන්නේ ඇයි මෙතැනදී හයි පිච් කියන්නේ, ඇයි මේ සිංදුව ස්ලෝව් කියන්නේ, ඇයි මෙහෙම වාද්‍යය භාණ්ඩ තෝරාගත්තේ ඇයි මේ ගායකයම තේරුවේ ? ඒ ඒ වගේ සිංදුවක තනුවේ තියෙන ඇතුළාන්තය විස්තර වුනොත්, සමහර වෙලාවට ගීතයේ තනුව දාන්න ඒ අදහස එන්න ඇත්තේ වෙනමම සිද්ධියක් නිසා වෙන්න පුළුවන්, ඉතින් ඒ වගේ කරුණු දැනගත්තොත් ඒ සිංදුවේ වටිනාකම ගැන හිතාගන්න පුලුවන්ද.... පික්සු හැදෙනවා නෙහ්.

ගායකයා අවශ්‍ය වෙන්නේ මේ ගීතය සම්බන්ධ ඔහුගේ අත්දැකීම් විස්තර කරන්න. ඒකෙන් අර සිංදුවේ වැලිව් එක තව වැඩි වෙනවනේ.

ඔය වගේ සිංදු ගැන මම කලිනුත් කියලා තියෙයිනේ. ඇරත් ඔය සිංදුවා කියන එකා ලිව්වොත් සින්දුවක්නේ.
මෙතනට මම ඒ ලියපු දෙකක් තුනක් ගැන හයිලයිට් කරන්නම්.

සිනිදු සුදු මුතු තලාවේ
මගේ රුවන්මලී

සිංදුවා මොන කුණුහරපෙ කිව්වත්, ඔය පොස්ට් එකක් සිංදුවක් ගැන කියනකොට ඔය කිව්ව තුනෙන්ම දෙන්න උත්සහ කරනවා. ඒත් කොහෙද ඔය තුනෙන්ම සිංදුවා ඒ තරම් විශාරදයෙක් නෙවෙයි. දුක තමයි රන්ජනී.
සිංහල දැනුම නම් අන්තිමයි. සංගීතය යම්තාක් දුරට හැදෑරුවා. ඒක නිකන් අර ඉඳුල් කට ගෑවා වගේ ඒක මදි හෆ්ෆා සිංදුවේ ඔක්කම මියුසික් ගැන ක්ලික් වෙන්න. නිධාන කතාවත් ඉතින් ඔය රචකයොත් එක්ක අඩියක් ගහන ගමන් අහගත්තු එව්වා එහෙම නෙවෙයි. :D කාලයක් තිස්සේ සිංදුවා සිංදු ගැන හොයද්දි එක එක විදි වලට හම්බවුනු එව්වා. වැඩියෙන්ම සිංදුවා නම් කැමති ඔය එඩ්වඩ්ලා සමිතලා එක්ක එහෙම එකට ඉගනගත්ත සර්ලා අපිට සෙට් වෙනවනේ ඔය මියුසික් අහුමුලු වල යද්දී, එයාලා කියනවා සිද්ධි රස කරලා :D

දැන් එහෙනම් පම්පෝරි ඇති යමු අද සිංදුවට.

දම් පාට කිව්වම ළමයින්ට මොනවද මතක් වෙන්නේ ?
මට නම් එකපාරටම මොකුත් ක්ලික් වෙන්නේ නෑ. ටිකක් කල්පොනා කලොත් බ්ලොග් ගැන ඔන්න ලා දම් අහස මතක් වෙනවා. ඉස්සර ඔය පැස්ටල් පෙට්ටියේ දම් පාටයි අළු පාටයි තමයි මට අඩුවෙන්ම පාවිච්චි වෙන කලර් දෙක. අනිත්වා ගෙවිලා කැඩිලා , ඒකට මේ පාට දෙක , හහ් අලුත් බඩු ! දම් වලින් තව මොකුත් මීටර් වෙන්නේ නෑනේ සිංදුවට. අහ්හ් .... දම් කිව්වම ඕනිනම් ධර්මය ගන්න පුළුවන්. ඒත් ඒක දම් පාටට අදාල වෙන්නේ නෑනේ. ඇති ඇති..

දම් පාට කිව්වම මතක් වෙන සිංදුවක් කියන්න බලන්න... අද සින්දුවා නම් කතා කරන්නේ දම්පාට හඳක් ගැන.

ලුෂන් බුලත්සිංහලයන් මේ සින්දුව ලියන්න හේතු වෙලා තිබුනේ මෙහෙම සීන් එකක්ලු. කොහොම එකක්ද ?
මෙන්න මෙහෙම එකක්. ඒ කාලේ බුලත්සිංහලයන් යාලු වෙලාලු හිටියේ ඉස්කෝලෙදි හම්බවුනු ගෑලු ළමයෙක් එක්ක. ඉතින් යාලු වෙලා ඔන්න කැම්පස් යන්න සෙට් වෙලා කැම්පසුත් යනවලු. දැන් බුලත්සිංහලයන් පේරා වල. ගෑලු ළමයා කොළඹ. දැන් මෙයා මේ ගෑලු ළමයව මීට් වෙන්න වෙසක් දවසක නිවාඩුවට එනවා කොළඹට.
ඇවිල්ල දෙන්නත් එක්ක බීච් එකේ ඇවිදගෙන යනකොට යනකොට යනකොට...
මොකුත් වෙන්නේ නෑ ඇවිදගෙන යනවලු. ඉතින් මෙහෙම යනගමන් මේ කොල්ලට හිතනවලු දැන් ආපහු මේ ගෑලු ළමයගෙන් වෙන් වෙලා පේරා වලට යන්න ඕනි නේ කියලා. ඔන්න ඔය පොයින්ට් එකට තමයි මේ සින්දුව ලියවෙන්නේ. බුලත්සිංහලයන් කියන විදියට පස්සේ ඒ සම්බන්ධය නතරවුනාලු.


දම් පාටින් ළා සඳ බැස යනවා
ආකාසේ රන්වන් පාටයි

දැන් මේ දම් පාට හඳක් දැකලා තියෙනවද ? දම්පාටින් හඳ බැස යනකොට ආකාසේ රන් වන් පාට වෙන්නේ කොහොමද ? මේ දෙකෙන්ම කියන්නේ වෙනම අර්ථයක්. ආකාසේ රන්වන් පාටයි කියන්නේ දැන් ඉර පායන්න ලඟයි කියන එක. එතකොට තියෙන හඳ  ඇත්තටම දම් පාට වගේ තමයි කියලා දැකපු අක්කා කෙනෙක් මාත් එක්ක කියලා තියෙයි. මම නම් තාම ඒ ටයිම් මුහුදක් අයිනේ ඉඳලා නෑ. ඒ අක්කා හිටියේ ඇයි කියලා ඉතින් දන්නේ නෑ ඈ... ඕන් නැති ඒවා හොයන්නේ නැතුව හිටු. 

සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි

හරිනේ දැන් ඔන්න එළිය වැටීගෙන එන්නේ. ඉතින් දෙන්නා දැන් වෙන් වෙන්න ඕනා. ඉතින් නොදොඩා ඉන්නේ ඇයි. දැන් මේකෙන් තව දෙයක් මීටර් වෙනවා වගේ නෙහ් ? ඒ කියන්නේ දෙන්න අලුයම එද්දී වෙන් වෙනවා කියන්නේ මීට් වෙලා තියෙන්නේ ඊට කලින් කාලයේ කියලා :D ඒ කියන්නේ රෑ තමයි ඔන්න ගීතයේ ඉන්න දෙන්න මල් කඩලා තියෙන්නේ. පල නෙලුවද දන්නේ නෑ මල් නම් කඩලා.

දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
වෙන් වී යන මොහොතක් නෑඟෙයි
දෑසට ළංව තවත් මේ මොහොතේ
ගොළු වී ඉන්නෙමි මම්

දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා. දැන් ඔතනදි අනිත් ඒවායේ වගේම ගෑලු ළමයාගේ මුණ හඳට උපමා වෙලා. හැබැයි දම් පාටක් ගැන කියන්නේ ? හඳ බැහැගෙන යනකොට තමයි දම් පාට වෙන්නේ. ඒ කිව්වේ හඳ දුකෙන් යනකොට ඔන්න දම් පාටයි. ඒ වගේම මේ ගෑලු ළමයත් දැන් දුකෙන් ඉන්නේ දෙන්නගේ කාලය ඉවරවෙලා වෙන් වෙන්න ඕනි එකට.ඉතින් ඒ නිසා ඒ මුණත් අර දම් හඳ වගේ.
ඒත් එහෙම හඳ වගේ මුණ පෙනෙනකොට වෙන්වෙලා යන්න උවමනාවක් නෑ. මල් කඩපු අය දන්නවනේ හෙට මීට් වෙනවා කියලා දැනගෙන වුනත් අද වෙන් වෙනකොට හරිම මෙව්වා එකක් දැනෙනවනේ. ඒ වේදනාව නිසා කොල්ලා ගොළු වෙලා. කොල්ලා ගොළු වෙලා නිසා ගෑලු ළමයට අවුල ඇයි නොදොඩා ඉන්නේ කියලා. (කොහෙන් ගියත් මේ කෙල්ලෝ ඇණයක්ම තමයි නෙහ්). ඔතන ලස්සනම කොටස "දෑසට ළංව තවත් " දෑසට ලං වෙලා ඉඳලා තියෙන්නේ දැන් තව ලංවෙනවා. මෙව්වා විඳින්න පුතා ඉතින් දවසක් හරි ගෑලු ළමය එක්ක මලක් කඩලා තියෙන්න ඕනා. බුකියෙන් මල් කඩලා ලබන්න පුළුවන් දේවල්ද මෙව්වා.  :D

සෙවණැලි නොමැකේ නම්
එළිය කළු නොවේ නම්
බිත්ති පුරා ඔබේ සෙවණැලි ඇන්දේ
තනිය මකා ගන්නයි
එනතුරු සොයා මගේ සෙනෙහස මතු දා

එළිය කළු වෙනකම්, සෙවණැලි මැකෙනකම් ඒ කියන්නේ මොකක්ද රෑ වෙනකම්. දවල් කාලයේ මෙයාලා හමුවෙන්නේ නෑ. ඉතින් මේ ගෑලු ළමය රෑ වෙනකම් මොකද කරන්නේ බිත්ති පුරා ඔබේ සෙවණැලි ඇඳගෙන තනිය මකා ගන්නවා. ඒ කියන්නේ ? ඒ කියන්නේ මෙයාට මැවිලා පේනවා අර සිංදුවටත් පොත් වල සින්දුවති මැවිලා පෙනුනා වගේ හඃ හඃ හඃ :D .මේ ගෑලු ළමයටත් දැන් මැවිලා පේනවා මේ කොල්ලගේ රුව. එයා ඒවත් එක්ක ජීවත් වෙනවා ආයේ රෑක මීට් වෙනකම්. ඈ ආසාවෙන් බලා ඉන්නවා ආයේ මුණගැහෙන්න.

රෑ කල දිගු වේ නම්
ළා සඳ නොමැකේ නම්
නෙළුම් පතක රැඳි පිනි බිඳුවක් සේ
ළමැද තලා යහනේ ඉන්නම්
පමා වෙලා හිරු නැගෙන තුරා

සඳ බැහැලා යන්නේ නැතුව, රැය තවත් වෙලා තියෙයි නම් එහෙනම් ගෑලු ළමයා එක්ක තවත් තනිවෙලා ඇගේ තුරුලේ ඉන්න තිබුනා. ඇගේ ළමැද ඔහුට යහනක් වෙලා. ඔතන "නෙළුම් පතක රැඳි පිනි බිඳුවක් " කියන්නේ දැන් ඉර පායලා එනකොට ඒ පිනිබිඳු ඔක්කම අතුරුදහන් වෙනවනේ ඒ වගේ මෙයාලත් වෙන් වෙන්න ඕනා එළිය වැටීගෙන එනකොට. 

ඔන්න ඕකයි සිංදුවට ක්ලික් වුනු තේරුම. මේකට සමහර අය කියනවා මේ කියන්නේ ගණිකාවක් ගැන කියලා. ඒක කියන්නේ ටක්කෙටම අර නිධාන කතාව නොදැන. මම අර කලින් කිව්වේ එහෙම අර්ථ දක්වන්න පුළුවන් පද අනුව කෙනෙක්ට. තව කට්ටියක් කියනවා අනියම් සම්බන්ධයක් කියලා. ඒකත් එහෙම වෙන්න පුළුවන්. හැබැයි නිධාන කතාව ගත්තම ඒ දෙකම බොරු වෙනවා නෙහ්.




දම් පාටින් ළා සඳ බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි

දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
වෙන් වී යන මොහොතක් නෑෙඟයි
දෑසට ළංව තවත් මේ මොහොතේ
ගොළු වී ඉන්නෙමි මම්

සෙවණැලි නොමැකේ නම්
එළිය කළු නොවේ නම්
බිත්ති පුරා ඔබේ සෙවණැලි ඇන්දේ
තනිය මකා ගන්නයි
එනතුරු සොයා මගේ සෙනෙහස මතු දා

රෑ කල දිගු වේ නම්
ළා සඳ නොමැකේ නම්
නෙළුම් පතක රැඳි පිනි බිඳුවක් සේ
ළමැද තලා යහනේ ඉන්නම්
පමා වෙලා හිරු නැගෙන තුරා 

ගී පද : ලූෂන් බුලත්සිංහල
සංගීතය : ඔස්ටින් මුණසිංහයන්
ගායනය : ගුණදාස කපුගේ සමග මාලනී බුලත්සිංහල





මේකේ මියුසික් ගැන නම් කියන්න සිංදුවට ගොඩක් ක්ලික් වුනේ නෑ. මේක තාවකාලික වෙන් වීමක් ගැන කියන නිසාද මන්ද ඕනවට වඩා ඇදෙන්නේ නෑ ගීතය. මුලින්ම මියුසික් වල අර ඉර එළියෙන් රන්වන් වෙන අහස පෙන්වන්න ඕනි නිසාද මන්ද (Music box or Bell Tone) ටිලින් ටිලින් ගාලා ටෝන් එකකින් ලොව් පිච් එකේ ඉඳලා උඩට යනවා ඇහෙනවා. 

මේක මුලින්ම කියලා තියෙන්නේ ඔස්ටින් මුණසිංහ සමග අනුලා බුලත්සිංහලයන්ලු. පස්සේ මේක කපුගේ සමග මාලිනියන් ගයලා තියෙන්නේ. මුල් ගීය හොයා ගන්න නෑ දරුවෝ. මේක ආරංචි හැටියට කපුගේගේ පලවෙනි යුග ගීතයලු. 

ඉතින් මේ කපුගේගේ නම ටයිප් කරනකොට තවත් දේවල් දෙකක් මතක් වුනා.එකක් අරූගේ අඩවිය. ඒ ඇයි කියලා මේකට ගිහින් බලන්නකෝ
අනික....තමයි......දැන් මේ අර වලයා ඉන්නේ අහ්හ් වලයා නෙවෙයි වයල වයල. උන්දැට දැන් අරහේ එස් බී උන්නැහේ නායකත්ව පුහුණුවක් දෙනවලු හෝ ගාලා. කැම්පස් යන්න වියදම් කරනවා මදිවට උන්ට දැන් එව්වට ඕනි බඩු ගන්නත් බර වියදම්. ඇරත් ඔව්වට වියදම් කරන සල්ලි වලින් ලැබ් එකට ඕනි බඩු අරන් දීපන්කො නැත්නම් ඔය හොස්ටල් එකක් අලුත් වැඩියා කොරපන්කෝ. කොහෙද මෙව්වා කොලාම ගහන්න ලේසිනෙ.  හෝව් හෝව් පිච් එක අවුට් යනවා.. 

ඉතින් මේ වයලා ගිහින් නිසා ඕකා ආයේ සති තුනකට මේ පැත්ත පළාතේ එන්නේ නෑ. සිංදුවා තමයි රජා !
ඉතින් යන්න කලින් අපේ ගෙදර ආවා ඔන්න. කෝමත් අපේ ගෙදර හැමදාම වගේ කොල්ලා එනවා. එතකොට ඔන්න එදා තව මල්ලි කෙනෙක්ගේ කම්පීටරයක්  කැඩිලා සිංදුවා ඒක හදනවා.
වයලත් ඇවිල්ලා උදව් දීලා ඉන්න ගමන් උගේ හිරමනේ නිකමට අරන් ආවා. අරන් ඇවිත් ඉන්න ගමන් ඔන්න පටන් ගත්තා ගහන්න සිංදුවක්.....
"ආවාදෝ සංසාරේ......"
ඕක ඉතින් රෙකෝඩ් කොරන්න කියලා සිංදුවා තප්පු ගහන ගමන් රෙකෝඩ් කොලා. පස්සේ රේකොඩින් එකේ භාගයක් යනකොට බලු තඩියා ඇවිත් පෝන් කට්ට දෝයි ගාලා බිම. පස්සේ සිංදුවත් සෙට් වෙලා දෙන්නා තුන්දෙනා පිස්සු බජව්වක් කළා. ඔන්න ඒකෙන් පොඩි කොටහක් අද දාන්නයි බැලුවේ.
මේ කපුගේගේ සිංදු දෙකක්. (සවුන්ස්ඩ් හොඳ කොලිටිය එන්න HD කියන එක ක්ලික් කොරලා බලන්න ඔන්න)






පොස්ට් එක අවසාන කොරන්නේ මෙන්න මේ ලුෂන් බුලත්සිංහලයන්ම ලියු නිසදසකින්. අනිත් කාරණේ මේ 2013 වසරේ අන්තිම පොස්ට් එක වෙන්න පුළුවන් ඒ නිසා ඔන්න කට්ටියම උම්මා සමග සුභ උපන්දිනයක් වේවා !






Wednesday, December 18, 2013

ලපය තිබුන රහස් තැන කොහෙද ? 12+


ඔය උපන් ලප ගත්තම එක එක මාදිලියේ කතා සීන් ගොඩයි නොවැ. ඇරත් ලප තියෙන්නේත් අනේක විද සයිස් වලින් නොවැ. සමහර උන්ගේ පොඩි එව්වා , ඒකට අනිත් උන්ගේ පලාතක්ම පුරාම ලපේ. කොල්ලෙක් කෙසේ වෙතත් කෙල්ලෙක්ගෙ ඒ වගේ ලොකු ලපයක් තිබුනොත් තමයි සීන් කෝන් එක ඩබල් ත්‍රිබල් වෙන්නේ. ඔය ලප තියෙන තැන අනුවත් එක එක එව්වා වෙනවා කියනවනේ. කට නිකට හරියේ තියෙනවනම් උන්දා හොඳට කයිවාරු දෙසාබාන එකෙක් කියලා මට කව්දෝ කියලා තියෙයි. තව අර කතාවකුත් තිබුනේ නිධානයක් ගන්න ලපයක් තියෙන ගෑලු ළමෙක් බැන්ද සීන් එකක්, තව තව ඔහොම හෑලි පෑලි හොයන් යනකොට සිංදුවාට අහුවුනේ මෙන්න මේ ටික. :D

ආයේ වෙන තැනකට යවන්න ඕනි නෑනේ ලපේ බලන්න. මම උපුටලා අරගත්තා නවලිය පත්තරෙන්. දැන් ඉතින් ටෝච් අරන් උපන් ඇඳුමෙන් ලප හොයපන්කෝ. හඃ හඃ හඃ කැමති කැමති උන් එහෙනම් ලපේ කොහෙද බලාගන්නකෝ :D




උපන් ලපය 01
ඔබේ ජීවිතය අභියෝගාත්මකය. අසීරු කාලවලට මුහුණ දෙනු ඇත. නමුත් ශරීරයේ ඉදිරිපස පිහිටා තිබෙන මෙවැනි උපන් ලප රතු පැහැති නම්, එයින් සංකේතවත් වන්නේ එම අභියෝග ජයගෙන ඉදිරියට යන බවයි.

උපන් ලපය 02
ඔබ පහසුවෙන් ම පීඩනයට හසුවන අයෙකි. විශේෂයෙන්ම ඔබ ආදරය කරන අය නිසා නිතර සිත් තැවුල් ඇති කර ගැනීමට ඉක්‌මන් වේ. නමුත් ඒ සෑමවිටම ගැඹුරු හුස්‌මක්‌
රැගෙන අනවශ්‍ය ළතැවිල්ල පා කර හරින්නට අමතක කරන්න එපා.

උපන් ලපය 03
ඔබ ජනප්‍රිය හා ප්‍රයෝජනවත් අයෙකි. එක පිට එක පැමිණෙන අභියෝග නිසා ඔබගේ ජීවිතය කාර්ය බහුල වනු ඇත. ඔබට වැඩවලින් අඩුවක්‌ නැත. එසේම සමාජශීලි බවෙන්ද ඔබ ඉදිරියෙන් සිටී. එයට හේතුව වනුයේ හොඳින් වගකීම් උසුලමින් ඉහළට යාමට ඔබ තුළ ඇති ආශාව නිසා ය.

උපන් ලපය 04
මෙම උපන් ලපය හිමි ඔබ ආහාර පුරුදුවලදී ප්‍රවේශම් විය යුතුය. විශේෂයෙන්ම උපන් ලපය කළු පැහැති නම් සහ හොඳින් කැපී පෙනෙයි නම් හොදින් සැලකිලිමත් විය යුතුය. අවේලාවලදී පමණ ඉක්‌මවා ආහාර නොගන්න. නමුත් මෙම උපන් ලපය ලා පැහැති නම් ඔබගේ සහකරු හෝ සහකාරිය ඔබට බෙහෙවින් ආදරය කරයි.

උපන් ලපය 05
ළයේ ඉහළ කොටසේ පිහිටා තිබෙන මෙම උපන් ලපයට හිමිකම් කියන අයට දුක්‌ කරදර ස්‌වල්පයක්‌ සහිත ප්‍රීතිමත් ජීවිතයක්‌ සංකේතවත් කරයි. නමුත් වයස අවුරුදු පනස්‌ ගණන්වල පසුවෙද්දී සෞඛ්‍යය ගැන නිරෝගීකම පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.

උපන් ලපය 06
මෙම උපන් ලපය හිමි තැනැත්තා ලොකු සිහින දකින, ඉතාම අපේක්‌ෂා සහගත පුද්ගලයෙකි. ඔබගේ දෛව සටහනේ සාර්ථකත්වය ගැන ඉහළින් සඳහන් ව ඇති නම් එම සිහින සහ අපේක්‌ෂා අනාගතයේ යථාර්ථයක්‌ වනු ඇත.

උපන් ලපය 07
මෙවැනි උපන් ලපයක්‌ හිමිවන්නේ ත්‍යාගශීලී හා කරුණාබර හදවතක්‌ හිමි අයටය. එසේම ඔබ තමන් කරන කාර්යයේ අවංකකම හා විශ්වාසනීයත්වය
රැකෙන පරිදි කටයුතු කිරීමට වගබලා ගනී.

උපන් ලපය 08
උදරය මත ඇති මෙම උපන් ලප හැම අතින් ම වාසනාවන්ත ජීවිතයක්‌ සංකේතවත් කරයි. ඔවුන්ගේ ජීවිතය සැහැලුවෙන් ගලා යන්නකි. අවදානම් සහගත තත්ත්වයක්‌ අඩුය. ආරක්‌ෂිතය. උපන් ලපය ප්‍රමාණයෙන් කුඩා නම් මේ ගුණාංග තවත් ඉහළ යයි.

උපන් ලපය 09
උදරයේ පහළ කොටසේ ඇති මෙම උපන් ලපය හිමි තැනැත්තා ඉතාම සෞභාග්‍යවත් පුද්ගලයෙකු බව හඟවයි. එයද ප්‍රමාණයෙන් කුඩා වන්නේ නම් වාසනා ශක්‌තිය විශාල වේ. එම උපන් ලපය තද පැහැය මෙන්ම පැහැදිලිව දැකගත හැකි එකක්‌ විය යුතුය. නාභිය අසලින් ම පිහිටා තිබේනම් ඔහු විශාල ධනවතෙකු වනු ඇත.

උපන් ලපය 10
පුරුෂයෙකුගේ මෙම ස්‌ථානයේ උපන් ලපයක්‌ පිහිටා ඇති නම් ඔහුට දරු සම්පතින් අඩුවක්‌ නැත.

උපන් ලපය 11
පපු පෙදෙසේ පිහිටා ඇති මෙම උපන් ලපයෙන් කියෙවෙන්නේ කීකරු දරුවන් ඔබ වෙත සතුට
රැගෙන එන බවයි. එම නිසා ඔබට ආඩම්බර වීමට පුළුවනි.

උපන් ලපය 12
මෙම උපන් ලපය විශාල වාසනාවක්‌ උදාකර දෙනු ඇත. සැහැල්ලුවෙන් ගලා යන ජීවිතයේ අනපේක්‌ෂිත වාසනාවන්ගෙන් ද අඩුවක්‌ නැත. මෙම උපන් ලප යුගල ලෙස පිහිටා ඇත්නම් ධනවත්, සෞභාග්‍ය සම්පන්න ජීවිතයකට හිමිකම් කියයි.

උපන් ලපය 13
පුරුෂයෙකුට මෙම උපන් ලපය පිහිටා ඇතිනම් ඔහුට සුන්දර බිරිඳක්‌ ලැබෙයි. ස්‌ත්‍රියකට නම් කඩවසම් සැමියෙක්‌ ලැබෙනු ඇත. මෙම උපන් ලපය හිමි තැනැත්තා සුන්දර පෙනුමකට උරුමකම් ඇත්තෙකි.

උපන් ලප 14
පුරුෂයකුගේ බාහුවේ මෙම ස්‌ථානයේ පිහිටා තිබෙන උපන් ලපය සෞභාග්‍යය සංකේතවත් කරයි. එය බාහුවේ යටි පැත්තට වන්නට සැඟවී මෙන් පිහිටයි නම් ඔබ ජීවිතයේ උසස්‌ ස්‌ථානයකට පත්වෙයි.

මෙවැනි උපන් ලපයක්‌ හිමි කාන්තාවන් ඇය සිය දරුවන්ට මේ ලෝකයේ තිබෙන ඉහළම ආරක්‌ෂාවත් ආදරයත් උරුම කර දීමට කැපවෙයි. ඇය වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම දරුවන් සමග බද්ධ වූ ආදරණීය මාතාවකි.

උපන් ලප 15
උඩ බාහුවේ මෙතැන පිහිටි උපන් ලපයෙන් කියවෙන්නේ ඕනෑම දෙයක්‌ ලබා ගැනීමට ඔබ බොහෝ වෙහෙස වී වැඩ කළ යුතු බවයි. විශේෂයෙන්ම ඇඟ වෙහෙසා වැඩ කිරීමට සිදුවනු ඇත.

උපන් ලප 16
වැලමිටේ ඇතුල් පැත්තට වන්නට මෙතැන පිහිටා ඇති මෙම උපන් ලපය මගින් අදහස්‌ කරන්නේ බොහෝ වෙහෙසවී ඔබ වැඩ කළත් ප්‍රතිපල ලබා ගැනීමට අපහසු බවයි.

කාන්තාවකට මෙම උපන් ලපය හිමි නම් ඔබ මුදල් පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. අර පරිස්‌සමින් වියදම් කළ යුතු කෙනෙකි. මහන්සියෙන් උපයාගත් මුදල් ක්‌ෂණිකව වැයවී යන කාරණා ඔබට සුලබව යෙදේ.

උපන් ලප 17
අතේ යට බාහුවේ යටි පැත්තට වන්නට පිහිටා තිබෙන මෙම උපන් ලපයෙන් සංකේතවත් වන්නේ ජීවිත කාලය පුරාම ඔබ මුදල් සමග හොඳින් ගැවසෙන කෙනෙකු බවයි. ඔබ අතේ ගැවසෙන මුදල් ඔබගේම මුදල් නොවන්නට පුළුවන. නමුත් ඔබ ප්‍රවේශම් විය යුතුය. අනතුරු අඟවන උපන් ලපයකි මෙය.

ස්‌ත්‍රියකගේ මෙම ස්‌ථානයේ පිහිටා ඇති මෙම උපන් ලපය මගින් කියන්නේ ඇය රහස්‌ රැක ගත නොහැකි කෙනෙක්‌ බවයි. එම නිසා මෙවැනි කාන්තාවන් විශ්වාස නොකළ යුතු බවයි. ඇය රහස්‌ හෙළිකරන්නේ සෙසු අයට හානියක්‌ කිරීමේ අදහසකින් නොව ඇය තුළ ඇති දොඩමලුවීමේ ආශාව නිසාය. නමුත් ප්‍රවේශමෙන්.

උපන් ලප 18
ප්‍රතිපත්ති ගරුක බව අඩුවෙන් ඇති කාන්තාවන් අතෙහි මෙම උපන් ලපය පිහිටා තිබේ. පමණ ඉක්‌මවා මුදල් වියදම් කිරීමේ දුර්ගුණයද ඇය සතුය. මැණික්‌කටුවේ ඇතුල් පැත්තට වන්නට පිහිටා තිබෙන මෙම උපන් ලපය හිමි ස්‌ත්‍රී පුරුෂ සැමම මුදල් වියදම් කිරීමට ආශා කරන අයයි. සැමටම ආර්ථික අතින් දුෂ්කරතාවලට මුහුණපෑමට සිදුවේ. පුණ්‍ය කටයුතු සඳහා මුදල් දීමට පුරුදුවන්න. එමගින් අර්ථවත් දේ සඳහා පමණක්‌ ඔබ මුදල් වැයකිරීමට පුරුදු පුහුණු වනු ඇත. ඔබ ධනවත් මුත් ලැබෙන ආදායමට වඩා වියදම ඉහළ යාමේ ස්‌වභාවයක්‌ දිස්‌වේ. නමුත් මෙම උපන් ලපය පිහිටා ඇත්තේ දකුණු අතේ නම් එවැනි අය වෙත ධනය ගලා එන බවටද විශ්වාසයක්‌ පවතී.

උපන් ලප 19
පිරිමි අයගේ කලවය ඇතුල් පැත්තට වන්නට උපන් ලපයක්‌ හෝ උපන් ලප කිහිපයක්‌ පිහිටා ඇතිනම් උපතින් හිමිවන ධනයකට උරුමකම් කියයි. කාන්තාවන්ගේ මෙසේ පිහිටියේ නම් ඇය ස්‌වෝත්සාහයෙන්ම ධන වාසනාව උදාකර ගත යුතු බව පැවසෙයි.

උපන් ලප 20
පාදයේ පහළ කොටසේ පිහිටි මෙම උපන් ලපය සුබ ලකුණක්‌ නම් නොවේ. මෙමගින් ජීවිතයේ අසීරු කාල පරිච්ඡේද සහ විඳවීම් හඟවනු ඇත.

උපන් ලප 21
පාදයේ මෙම කොටසේ පිහිටා ඇති උපන් ලප පුරුෂයන්ගේ පිහිටා ඇති නම් එමගින් සංකේතවත් කරන්නේ සතුට සහ සංචාරයයි. රැකියා සඳහා දුර බැහැර ගමන් හෝ පිටරට යාමට සිදුවනු ඇත. උපන් ලපය තිතක්‌ මෙන් කුඩා නම් සතුට පෙන්වයි. නමුත් එය කැළැලක්‌ මෙන් විශාල නම් එයින් අදහස්‌ කෙරෙන්නේ එම සංචාරවලදී විවිධ ගැටලු මතුවිය හැකි බවයි.



උපන් ලපය 38
තට්‌ටම ප්‍රදේශයේ පිහිටා තිබෙන උපන් ලප නිර්මාණශීලිත්වය, බුද්ධිය හා ප්‍රඥාව පිළිබඳ සලකුණකි. මෙම උපන් ලපය හිමි ඔබ දියුණුවට පත්වන හා සෙස්‌සන්ගේ ගෞරවාදරයට පාත්‍රවීමට නියමිත අයෙකි.

උපන් ලපය 39
කලවයේ පිටුපස පිහිටා තිබෙන උපන් ලපද වාසනාව, ජනප්‍රියත්වය හා ධනවත් බව පිළිබඳ ලකුණකි.

උපන් ලපය 40
විශේෂඥ දැනුමක්‌ හා ශූර බුද්ධියකින් යුතු අයෙකි. මෙවැනි අය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළ හැකිය. උපන්ගෙයි නායකයන්ය.

උපන් ලපය 41
දණහිසට පිටුපසින් පිහිටා තිබෙන මෙම උපන් ලපය අයහපත පිළිබඳ සංකේතයකි. ජීවිතයේ ඔබට හොඳ දෙයට වඩා නරක දෙය අත්දැකීමට සිදුවනු ඇත. මෙවැනි උපන් ලප කුඩා සැත්කමක්‌ මගින් ඉවත් කර ගැනීමට හැකි නම් වඩා හොඳ වේ.

උපන් ලපය 42
පාදයේ පිටුපස මෙම ස්‌ථානයේ පිහිටා ඇති මෙම උපන් ලපය හිමි පුද්ගලයා ඉතාම කාර්යබහුල අයෙකි. නමුත් වැඩ කිරීම තුළින් ඔහුට කීර්තිය අත්වන නිසා එය "හොඳ" උපන් ලපයකි. මහජන සම්බන්ධතා හොඳින් පවත්වා ගන්නෙකි.

උපන් ලපය 43
පාදයේ වළලුකර පිටුපස උපන් ලපයක්‌ හිමි අය නිතරම ගෙදරින් දුරස්‌ වී සිටින බව සදහන් වේ. නිවසින් දුර බැහැර සංචාරය කරන්නෙක්‌ද විය හැක.

උපන් ලපය 44
මෙම උපන් ලපය කාන්තාවකට පිහිටා ඇතිනම් ඇය තත්ත්වයක්‌ හෝ හොඳ නමක්‌ නොපවතින කාන්තාවක්‌ විය හැක. නිරාවරණය කිරීමට නුසුදුසු මෙය ආවරණය වර පරිදි ඇඳුම් ඇඳීම කළ යුතුය.

උපන් ලපය 45
ආදරය ලැබීම හා විවාහය වාසනාවන්ත වීම යන කරුණු අතින් එතරම් වාසනා බලයක්‌ නොමැති කාන්තාවන්ගේ මෙවැනි උපන් ලපයක්‌ පිහිටීමටද ඉඩතිබේ. මෙම උපන් ලපය තද පාටයි. නම් එකී අසුබ බලපෑමද ඉහළ යයි. ඇමරිකානු නිළියක වන රුෂෙල් වෙයිස්‌ගේද එවැනි උපන් ලපයක්‌ දැකිය හැක.

උපන් ලපය 46
තම ජීවිතයේ ඕනෑම කටයුත්තකදී වගකීම් රහිතව අපිළිවෙලට වැඩ කිරීම මෙම උපන් ලපය මගින් සංකේතවත් කරයි. තවද මොවුන් සිය ආර්ථිකය නිසියාකාරව සකසුරුවම් කිරීමට නොදනී. ඒ පිළිබඳව දක්‌වන්නේ ද උදාසීන ප්‍රතිපත්තියකි. එම නිසා මෙම උපන් ලපය හිමි අයගේ ජීවන රටාව අවුල් සහගත වන අතර එම හේතුවෙන් විවිධ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවෙයි. එම නිසා මෙම උපන් ලපය හිමි ඔබ මේ කරුණු ගැන වඩාත් සැලකිල්ලෙන් සිටීම ඉතා සුබය.

උපන් ලපය 47
වළලුකරේ පිට පැත්තේ පිහිටා ඇති මෙම උපන් ලපය මගින් පෙන්නුම් කරනු ලබන්නේ කැඩී බිඳී විසිරී යන පවුල් ජීවිතයක උරුම කාරයෙක්‌ බවයි. එසේත් නොමැතිනම් ජිවිතයේ වයස හතළිස්‌ ගණන්වලදී අසාර්ථක විය හැකි ආදරයක්‌ පිළිබඳවයි.
මෙම අහිතකර බලපෑම අවම කර ගැනීමට ඔබට භාවිත කළ හැකි ක්‍රමයක්‌ වන්නේ මෙම උපන් ලපය ආවරණය පරිදි දිගු අත් සහිත ඇඳුම් භාවිතා කිරීමෙනි. මෙසේ කිරීමට ඔබ වග බලා ගන්නේ නම් ඔබට ඇතිවිය හැකි නරක අවම වනු ඇත.

උපන් ලපය 48
අත්ල පිටුපස පිහිටා තිබෙන මෙම උපන් ලපය හිමි ඔබ විශාල ධන සම්භාරයක්‌ උපයා ගත හැකි කෙනෙකි. මේ ගැන අවධානය යොමුකර වෙහෙස මහන්සි වී කැපකිරීම් කරමින් ධනය උපයාගත හැකි ක්‍රම සොයා බලා ඒ සඳහා යොමුවන්න.



හඃ හඃ හඃ කෝමද ආ තට්ටමේ එහෙම ලපේ තියෙයිද ? හඃ හඃ හඃ ලපයක් නැතත් මැදින් වලක් තිබුනොත් මදෑ. කෝම හරි ඉතින් ඔය ලප සීන් ගත්තම කතා නොකරම බැරි දෙන්නෙක් ඉන්නවනේ. නෑ නෑ වයලයි ##යි නෙවෙයි. මේ අර පරණ කාලේ දෙන්නෙක් හිටියේ බං... කෝම හරි ඔය දෙන්නා ගැන සිංදුවා මුලින්ම දැන ගත්තේ ටීවී එකෙන් පොඩි කාලේදී. 

දැන් ඉන්න පොඩි එවුන් ඉතින් උඩ ගිහින් බලනවා ඇති ඒ කාලේ ටීවී වල ඒවත් ගියාද කියලා. උඹලට කියන්න පොඩි එකෝ ඉස්සර තිබුනා රූපවාහිනිය කියලා චැනල් එකක්. ඒ දවස්වල මේ වගේ චැනල් හුටපට හැටහුටාමාරක් නෑ. ඔය හෙන සල්ලි කාරයන්ට එහෙම පහසුකමක් තිබුනා, හැබැයි උනුත් බැලුවේ වත්තෙන් භාගයක්ම කවර් වෙන හෙන තඩි සැටලයිට් එකක් හයි කරගෙන මම දන්න හැටියට.  කෝමහරි ඔය තිබුණු චැනල් දෙකෙන් තුනෙන් අපිට අහුවුනේ ක්ලියර් එකයි. ඒ ඇවිල්ල රූපවාහිනිය. නම ඇහුවම හරිම අප්සැට් හැඟීමක් ආවා නේද බං. ඉතින් මේකයි ඉස්සර ඕක දැන් තියෙන දෙකේ කොලේ වන්දිබට්ට පචවාහිනි ටයිප් වගේ නෙවෙයි ඈ. ඒ දවස්වල ඉතින් මිනිසුන්ට බලන්න අලුතෙන් හිතන්න ඉගන ගන්න දේවල් ගොඩක් ඕකේ ගියා. ඒ දවස්වල ඉතින් රස්සාවලට සුදුසුකම් වලින් මිනිස්සු ගිය කාලයක්නෙ බං. 

ඔන්න ඉතින් ඒ දවස්වල අම්මලා පුතාලා ආච්චිලා තාත්තලා ඔක්කම සෙට් එකම එකතුවෙලා ටීවී රෑ බැලුවේ. දවසක් ඔන්න ඕකේ ගියා පට්ට ප්‍රෝග්‍රෑම් එකක්. කොච්චර පට්ටද කියනවනම් මට ඒකෙ නම මේ වෙනකම් මතක තිබුනා, මේ දැන් අමතක වුනා. ඉතින් ඕකේ ගියේ සිංදු ඈ. ඒක එදා දවසේ විශේෂ ප්‍රෝග්‍රෑම් එකක්. ඕකේ ගායක ගායිකාවෝ එහෙම රඟපපා සිංදු කිව්වේ. ඔව් ඔව් බං. ඉස්සර එයාලා රඟපානවා කියන්නේ දැන් වගේ නෙවෙයි, ඒක හරිම ලොකු දෙයක් අපිට. දැන් ඉන්නේ සියල්ල දත් අයනේ බං. ඉස්සර හිටියේ ඒ ඒ උන් උන්ගේ සාස්තරේ කෙල පැමිණි උන්.  ඒ නිසා ඒ අය රඟපෑවම ටිකක් ලොකු දෙයක්. 

කෝමහරි ඔය වැඩසටහනෙන් මට මතක නම් සිංදු තුනක් විතරයි ඈ. 
1. රාළ මමයි මුන්කොටුවේ බොහෝ කාලයකින් නොවැ දුටුවේ ( මෙන්න මේ සිංදුව හම්බවුනොත් පිංවතෙක් කියන්න මට)
ඔය දෙකම මට හොඳට මතක ඒකෙ ඒ ගායකයෝම කරපු තාත්වික රඟපෑම නිසා. එතකොට තුන්වෙනි එක මතක ඔන්න රඟපෑම් නිසා නෙවෙයි. :D  අම්මා ඒකේ කතාව ඒ වෙලාවේ කියලා දීපු නිසා.  ඒ සිංදුව ඔන්න ලපයකට සම්බන්ධයි. තාමත් මම මේ කියන ලපේ මීටර් නැත්නම් ඉතින් සොරිවෙලා ඉස්සරහටම යමු එහෙනම්. 




ඔන්න ඉතින් එකෝමත් එක කාලෙක මේ ලංකාවේ හිටියා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ කියලා රජ ඩයල් එකක්. උන්දැ නම් අර තහනම් අඩවියේ එකා වගේ වල් නෑ. හිත හොඳ මනුස්සයලු. :D ඉතින් මේ මනුස්සයා රජ කරන කාලේ පෘතුග්‍රීසි එක්ක යුද්ධ කරලා ඕලන්දකාරයෝ එක්ක ගිවිසුම් ගහලා හිටිය කාලයක්ලු. ඒ දවස් වල මොකද වෙන්නේ පුතා, ලැනරෝල් කියල ප්‍රංශ පොරක් එනවා ඔන්න රජාව ඔෆීෂියලි මීට් වෙන්න.  රජාට මෑන්ව බොක්කට වදිනවා. කාලයත් එක්ක ඔන්න උට රජ බැලුම් වැටෙනවා. ඒ කිව්වේ ? ඒ කිව්වේ රජා මුන්දට දෙනවා කන්ද උඩරට තානාපතිකම.

ඔන්න මේ තානාපති උන්දගේ ඔෆීෂියල් අස්පයා බලා ගත්තේ "ද ගැස්‌කොයින්" (De Gascoyne) කියලා ඩයල් එකක්ලු. කෝමහරි මේකා ආපහු ප්‍රංශේට යනකොට වීසා අවුලක් නිසා මේ අස්පයා බලාගත්ත මනුස්සයට යන්න වෙන්නේ නෑලු. මුන්දා මොකද කරන්නේ මහනුවර නවතිනවා. නැවතිලා ඉන්න ගමන් ඔන්න කෑල්ලක් රන් කරන්න පටන් ගන්නවා. කොමහරි ඒ කෙල්ල සිංහල-පෘතුග්‍රීසි දෙන්නෙක්ට දූ වුනු  "නෙස්‌ක්‍රිඤ්ඤා" කියලා කෙනෙක්ලු. ඉතින් මොකද වෙන්නේ මේ ලව් එක නැගලා ගිහින් මේ දෙන්න බඳිනවා. 

ඉතින් හනිමුන් යන්න ඔෆීෂියල් රෙකමන්ඩේෂන් අරන් මේ දෙන්නා හදනවා ළමයි දෙන්නෙක්. එකෙක් පුතෙක්, අනිකා දුවෙක්. දුව ගැන වැඩි විස්තරයක් නෑලු ඉතිහාසේ. හඃ හඃ පේනවනේ ඉතිහාසෙන් වුනත් චීත්ත අයින් කරලා තියෙන්නේ හඃ හඃ හඃ ඒ නිසා ඒ කෙල්ලව පැත්තකට දාමු. ඊට පස්සේ පුතා... අහ්හ් ඔන්න ඕකා තමයි අද දවසේ ප්‍රධාන කැරැට්ටුව වෙන්නේ. 

පුතාගේ නම "Gascoyne" (ගැස්‌කොයින්) . ඕවා ඉතින් කියවන්න පුළුවන් නම්ද බං නෑනේ. ඉතින් පස්සේ සිංහලට ඕක මුලින්ම "ගැස්කොන්" වෙලා එනවලු පස්සේ ඔන්න ඕක "දස්කොන්" වෙනවලු. වැඩේ කියන්නේ මේ දස්කොන් ගැන වෙනම කතාවකුත් තියෙයි. ඒ ඇවිල්ල අර රජාගේ වලියකදී මැරුම් කාපු ප්‍රතිකාල් සොල්ජර් කෙනෙක්ගේ දරුවෙක් කෝන් ගහක් යට දාලා ගිහින් හම්බවෙලා, පස්සේ ඒ කොල්ලට ගස්කොන් කියලා දාලා ඒක දස්කොන් වුනා කියලත් කියනවා ඈ. 

දැන් ඔන්න දස්කොන් ඉතින් ඉස්කෝලේ ගිහින් තියෙන්නේ වැලිවිට සරණංකර සඟරජ හිමියන්ගේ ගුරුවරයා වුනු කිත්සිරිමෙවන් රාජසුන්දර සාමණේරයන් (සූරියගොඩ සාමි) ගාවටලු. දස්කොන්ට සිංහල වගේම පෘතුග්‍රීසි භාෂාවත් හොඳට පුළුවන්ලු ආ. 

දැන් ආයේ එමු අර රජා ගාවට. රජාට හිටියලු ඔන්න රැජිනක් "ප්‍රමිලා" කියලා, ප්‍රමිලා ඔන්න රජාට මදුරාවෙන් ඉම්පෝර්ට්ඩ් කරපු කෑල්ලක්ලු. කට්ටියක් කියනවා ප්‍රමිලා ඇවිල්ල සාමාන්‍ය පවුලක කෙල්ලෙක් කියලා , අනිත් අය කියනවා එහෙම නෙවෙයිලු හොඳ වංශවත් පවුලක ළමයෙක් කියලා. ඉතින් වයලා වගේ වැඩි විස්තර නොකියා බහිමුකො ප්‍රධාන සීන් එකට එහෙනම්. 

දස්කොන් ඉතින් හොඳ කවියෙක්ලු. හැබැයි එහෙම කියලා ලියපු කවි නම් මහා ගොඩක් ඉතිහාසේ නෑලු. කෝම හරි කවියෙක්ලු ඈ. ඒ වගේම පොර සිංදුවා වගේ හැන්සම් පොරලු. දස්කොන් රජාට කොච්චර හිතට ඇල්ලුවද ඇහුවොත් කොල්ලට රජා දුන්නලු අදිකාරම් පට්ටමත්. රජාටත් ඉතින් හිටියේ ප්‍රමිලා ලේඩි විතරක් නෙවෙයිලු ඈ.. කීපයක්ම මිනිහත් ඇද්දලු. ඉතින් ඒ ඒ අයට රජවාසල් එහෙම තිබුනලු. කෝමහරි ප්‍රමිලා ළමයා හිටියේ හඟුරන්කෙත මාලිගාවෙලු. රජා වැඩිපුරම ඉඳලා තියෙන්නේ සෙන්කඩගල මාලිගාවෙලු. 
ඉතින් ඕවා මේවා ඔක්කම සීන් බලපාලා ඔන්න ප්‍රමිලව දස්කොන්ට කැපෙනවා. 




ආව් ආව්... දෙන්නගේ ලව් එක නැගලම යනවලු. ඉතින් දස්කොන් කවියා නිසා කෑල්ලට කවි එහෙම දුන්නලු. 

රන්මාලය පැළඳගෙන ගත සුවිපුල්ලා
ඉන් ආලය වඩයි මගෙ සිත නුඹ පල්ලා 

පන්දහසකට මැද තිබුණත් උඩ එල්ලා
රන් මල්ලට නොවිඳිද විදිනා ගුල්ලා

මේක කියන්නේ ඔන්න දස්කොන් ගොයියලු. හෙහ් හෙහ් දැන් ඉතින් ගුල්ලා කව්ද රන් මල්ල කව්ද තේරෙනවනේ නෙහ්. ආයේ ප්‍රමිලත් සෙකන්ඩ් වෙන්නේ නෑ, එන්න සුදු දස්කොන් කියලා නොකියා කියනවලු මෙහෙම ඈ...

යන්නෝ මෙමග රෑ දහවල තොර වෙත්ද 
බොන්නෝ මෙ ගඟ දිය බොර කරලා බොද්ද 
දන්නෝ පහස ගෙට අඬ ගහලා දෙත්ද 
දන්නෝ උපා මිණී බැඳි දොර නාරිත්ද

හොයි.... හොයි.... සෙල්ලම්ද කොල්ලෝ කිව්වලු. ඔව්වා ඔන්න වටේ පිටේ අරන්චිවෙලා මෙහෙම කිව්වලු අනිත් හිතවත් අය දසාට. 

අකුරු කළේ කුමටද පොරණ ගුරුවරු
හකුරු කැලේ දමද්ද දියව යනතුරු
කපුරු මලේ සුවඳට වැනසෙත් බමරු
නපුරු මලේ දැන දැන නොකරන් වියරු


කෝමහරි ඔන්න මෙහෙම සීන් එක නැගලම යනකොට ප්‍රමිලා නංගි ලෙඩ වෙනවා. නෑ නෑ බං එහෙම ලෙඩක් නෙවෙයිලු. ඉතින් ඔන්න ඒකට බලිශාන්ති කර්මයක් කරමු කියලා යෝජනාවුනාම රජා ඒක කරන්න සංවිධායකයා විදියට පත් කරන්නේ දස්කොන් අයියව. ඉතින් මේ ශාන්ති කර්මෙට බලියක් අඹන්න වෙනවලු. ඒ කියන්නේ දේවියගේ නිරුවත් රූපේ මැටියෙන් අඹන්න වෙනවලු. 




දැන් ඉතින් ප්‍රධාන සංවිධායක වුනාම ඔව්වා හරියට වෙනවද බලන්නත් ඕනිනේ. අඹනකොට දස්කොනුත් ඇවිත් බලන් ඉඳලා කියනවලු..

"මල්ලි ආන්න අතන ලපයකුත් තියන්න" කියලා. 

ශ්හ්... ශ්හ්..... පොඩ්ඩක් කන ලං කරහන්කෝ... (රහසෙන්) ආන්න අතන කියලා පෙන්නලා තියෙන්නේ ඉතිහාසේ හැටියට රහස් තැනක්ලු. ලොලේ ලොල්. 
හඃ හඃ හඃ කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑලුනේ. දස්කොන් අයියට ජම්බු හම්බවෙන්නේ ඔන්න ඔය ලපේ තියන්න ගිහින් තමයි. පව් නෑ කියල ඔන්න බලිය අඹපු මල්ලි ගිහින් දෙනවලු රජාට මේ නිව්ස් එක. රජාට ලොවෙත් මළලු. 

අනේ අහිංසකයා රාජ උදහසට ලක්වෙලා මරා දමන්න තීරණය කරලා ඔන්න දසා හිරේ දාලා ඉන්නවලු. 
උඹලට කියන්න ඒ ප්‍රේමේ තමා බං ප්‍රේමේ... 
ඒ දෙන්න ඔන්න හිරේ ඉන්න ටිකෙත් කවි යනවලු ඈ... 

සක්‌මන් කරන මළුවේදී බැඳි හාද
සිත් සන්තොසින් දුන් මුව මී බීවාද
ඉක්‌මන් ගමන් අහො අද ඔබ යනවාද 

දස්‌කොන් මගෙ නමට ජීවිතෙ දෙනවාද

ඉතින් මරණෙට තීන්දු වෙලා ඉන්න දසාට ඔහොම ප්‍රමිලා කියනවලු. සෙල්ලම්ද ආ . ඉතින් දස්කොන් අයියත් රිප්ලයි එක දැම්මලු මෙහෙම. 

විසැස්‌ කමලාව රස පහස නොවිඳ මා
දසිස්‌ දුනි පොරණ ඇසු දුටු පමණ මා 
වෙසෙස්‌ ඔබගෙ අමයුරු පහස ලත් මෙමා 
මහිස්‌ එකක්‌ දුනි නම් ඔබ නමට කිමා

දසිස් කියන්නේ දස හිස් කියන්න, මහිස් කියන්නේ මගේ හිස කියන්න, කිම = කිමද යන්න, ඉතින් ඔය ඔක්කම ගත්තම තේරුම මෙහෙමයි, සීතාව ගෙනාපු රාවණා රජ්ජුරුවන්ටත් සීතාගේ රස පහස නොලබාම හිස් දහයම නැති කරගත්ත එකේ මම ඔයාගේ රස පහස ලබාගෙන මගේ හිස ඔයාගේ නමට නැති කරගත්තට කිමද නගා :D



කොමහරි හිරේ ඉන්න ගමන් දස්කොන් ලිව්වලු "නෝක්‌කඩු මාලය" කියලා පොඩි පොතක්, ඒක ලියලා තියෙන්නේ රජ්ජුරුවන්ට දෙන්න. දීලා අභය දානය අරගන්න. කෝමහරි ඒක රජාට ලැබිලා නෑ කියලයිලු කියවෙන්නේ. 

ඉතින් මේ සීන් එක බේස් කරගෙන සිංදු ගොඩක් නිර්මාණය වුනාලු. එහෙම එක සිංදුවක් තමයි අර සිංදුවා පොඩි කාලේ ගියේ. මේ ඒ සිංදුව... ඇන්ඩ් මේ සින්දුව මගේ ආසම ඒවායෙන් එකක්ලු ඈ. 
මේකේ තියෙන්නේ දස්කොන් එක්ක ප්‍රමිලා මල් කඩන ටික. මාරම ගති සිංදුවක්.




මිහිරිම වසන්තය අරන් බග සඳ එබෙයි කවුළුවෙන් 
දස්කොන් සකිසඳුනේ ඇයිද පමාවා
නිදිගත් කොවුලිඳුට හොරෙන් සීතල සඳ එළිය යටින් 
සක්මන් මලුව සොයාගෙන මම ආවා

සඳ වතුරෙන් පිරිලා නිල් දිය තිලක මණ්ඩපේ 
මුව මී පිරි ඉතිරේ වැව් තෙර කුමුදු මල් සැලේ 
වාසල මිණි බැඳී දොර නිහඩව නිදන වෙලාවේ 
සෙන්කඩගලට ඇවිත් මහ රෑ මධුර වසන්තේ 

බෝගම්බරින් එපිට හඬනා රෑ කුරුල්ලනේ 
ඔබටයි මඟුල් මඩුව හැදුවේ සකිසඳුන් මගේ 
කන්දෙන් ඈත රටක හිරු දෙව් නිදන යාමයේ 
ඉක්මන් ගමන් මොටද දේවිය ළඟ හිඳින රැයේ 

පද රචනය : දන්නේ නැත දන්නවනම් කියන්න 
ගායනය : චම්පා කල්හාරි සමග ජානක වික්‍රමසිංහ
සංගීතය : මේකත් දන්නේ නැත 

අනිත් සිංදු දෙකම ඇවිල්ල ඔන්න සෙල්ලම් අහුවුනාට පස්සේ තියෙන ශෝකාලාපය. 
මෙන්න මේ සිංදුවේ වර්ෂන් දෙකක් තියෙයි. එකක් නීලාවෝ තනියම ගයන එකක්, අනික අමරදේවයන් එක්ක කියන එකක්. 

මේ තියෙන්නේ තනියම කියන සිංදුව



දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින් 
නො එනා ගමනකි යන්නේ
සක්මන් මළුවේ බැඳි පෙම් තොරණේ 
මල් දම් ගිලිහී යන්නේ

සියොළඟ හිමි ළඟ හදවත ඔබ ළඟ 
සිත යන යන තැන එන්නේ
මතු දා ඔබ හමු වන්නේ

ඔබ ළඟ නැතිමුත් ඔබගේ සුවඳයි 
පවනේ පාවී එන්නේ
සයනේ සැඟැවී ඉන්නේ


සුනිල් ආරියරත්නයන් මේක ලියලා තියෙන්නේ මුලින්ම ඔන්න ප්‍රමිලගේ සයිඩ් එකෙන් සලකලලු. මේක රචනා කරලා තියෙන්නේ 70 දශකයේ වගේ මඩවල එස්.රත්නායකයන් ගුවන් විදුලියට කරපු ස්වර වර්ණ කියන ප්‍රෝග්‍රෑම් එකටලු. මේක ලියලා අමරදේවයන් සංගීතය දාලා නීලාවෝ ලවා කියවමු කියලා තීරණය කරලා ඔන්න සින්දුව කිව්වලු. 
පස්සේ අමරදේවයන්ට ඕනි වුනාලු මේකට දස්කොන් අයියවත් ගන්න. ඒ ඉල්ලීම මත ආයේ මේ සිංදුවම දස්කොන්ව ඇතුලත් කරලා ආයේ ලිව්වලු. එහෙම ලියලා අමරදේවයන් යුග ගීයක් විදියට ගැයුවලු. මේ තියෙන්නේ ඒ යුග ගායනය තියෙන සින්දුව.




දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින් 
නො එනා ගමනකි යන්නේ
එනමුත් ළඳුනේ මතු අත් භවයේ 
ඔබ මා යලි හමු වන්නේ

සියොළඟ හිමි ළඟ හදවත මා ළඟ
කෙලෙසද හද බැඳ ලන්නේ
කවුදෝ ‍රැකවල් ලන්නේ
ඔබ මා යලි හමු වන්නේ

මිය යමි මනු ලොව හමු වෙමි පෙම් ලොව
ලොව්තුරු සුව වළඳින්නේ
කිසිදා නැත හමු වන්නේ
ඔබ මා යලි හමු වන්නේ

පද මාලාව : සුනිල් ආරියරත්නයන්
තනුව : ඩබ්ලිව්. ඩී. අමරදේවයන්
ගායනය : නීලා වික්‍රමසිංහ සමග අමරදේවයන් 


දස්කොන් ඉක්මන් ගමනින්, ඒ කියන්නේ වේලාසනම ඒකෙන් අර්ථවත් වෙන්නේ හිසගසා මරණවා කියන එක. ඒ කියන්නේ මරණය ඉක්මන් වෙලා නොඑනා ගමනකි කියන්නේ ආපහු එන්නේ නෑ කියන්නනේ. සෝ ඒ කියන්නේ මරණය. ඒ දෙන්නගේ ආදරේ පෙම් තොරණක් විදියට උපමා වෙන්නේ. 
මේකේ ලස්සනම කොටස "සියොළඟ හිමි ළඟ හදවත ඔබ ළඟ" ගත රජා ගාව ඒත් හිත... ඒක දසයා ගාව. ඒ නිසා ඔබ යන ලෝකෙට ඒ හිතත් ඇවිත් මතු දාක ආයේ මීට් වෙයි. 
ළඟ දැන් දසයා නෑ. මරා දමලා ඒත් ඒ සුවඳ ඒ කියන්නේ මතකය ප්‍රමිලා ගාව. ඈට දැන් රජාගේ සුවඳක් දැනෙන්නේ නෑ. රජාගේ මිහිරක් සයනේ නෑ. ඒ ඔක්කගේම රජ කරන්නේ දස්කොන්.
මේක නම් යම්තාක් දුරට සරලයි අදහස. අමාරු නෑ තේරුම හිතාගන්න. 
ඒ වුනාටමේ පහල සිංදුවේ අර්ථය පොඩ්ඩක් සිංදුවට මේ දවස්වල හිරවෙලා ඉන්නේ. ටික දවසකින් දෙන්නම් මුලින්ම දාපු සිංදුවේ තේරුමත් එක්කම. දැනට තම නැණ පමණින් තේරුම් ගන්නකො අහලා. 




සක්මන් කරන මළුව පාලුයි දේවී
මං විතරයි, ඔබ කිසි දිනෙක නොඒවී
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරි

සෙංකඩගල වටකල පවුරු වලල්ලේ
පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ
රන්තරු දෑස පියන රෑ හඳපානේ
අත්තන මලක් වෙලා ඔබ ලඟ ඉන්නේ

වාසල මිණිබැඳි දොර අරින වෙලාවේ
දෑසින් වැටෙන කඳුලු මට සිහිනොවුනේ
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
මා තනිකරන්නෙපා මතු සංසාරේ 


පද මාලාව : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : ගුණදාස කපුගේ
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ සමඟ සමිතා එරන්දතී

දැන් ඕක නෙවෙයි සීන් එක ඈ... මෙන්න මේකයි. 
දැන් ඒ දවස් වල දස්කොන් එක්ක කට්ටිය තරහෙන් හිටියලු. එක එක හේතුන් කියනවා. දස්කොන් මිෂනාරි කටයුතු වලට සෙට් වෙලා හිටපු නිසා කට්ටිය මලෙන් හිටියලු. අනික දස්කොන්ට අදිකාරම් පට්ටම දීපු එක ගැන උඩරට හිටපු අනිත් රදල පොරවල් යටින් තරහෙන්ලු හිටියේ. ඒ නිසා මිනිහව ප්ලෑන් කරලා මේකට පැටලෙව්වා කියලා කියනවා. ඒ කියන්නේ

"මල්ලි මෙතන ලපයක් තියන්න" 

කියලා කියන්න තරම් මිනිහා හරකෙක් නෙවෙයිනේ. ඒ නිසා ඒක වෙන කෙනෙක් කරවන්න ඇති කියලා කියනවා. කොමහරි කොල්ලා හිරේ ඉන්නකොට ලියපු පොත මම උඩින් කිව්වේ "නෝක්කඩු මාලය" කියලා. අන්න ඒ පොතත් රජාට ගිහින් නෑනේ. ඒ ගිහින් නැත්තේ කුමන්ත්‍රණය කරපු අය ඒක නවත්තලා නිසාලු. අනිත් කාරණේ ඔය කියන තරම් බිසවට කවි ලියන්න පුළුවන් වෙන්න විදියක් නෑනේ. මොකෝ කෙල්ල පොඩි කාලේ ඉඳලා සිංහල ඉගන ගත්තේ නෑනේ. සෝ හිටියේ මදුරා වලනේ. ඒ නිසා මේ කවි බිසව ලිව්වා වෙන්න බෑ කියලයි කියන්නේ. 

සෝ අවසාන නිගමනය කියන්නේ මෙහෙමයි බුද්ධාගම රැකගන්න ඕනි නිසා දස්කොන්ව මරවන්න භික්ෂුන් වහන්සේලා ඇතුළුව රදල නායකයින් එකතුවෙලා ගහපු ප්ලෑන් එක තමයි මේ ලපය. 

දැන් වැදගත්ම ප්‍රශ්නය !

මේ කියන මිනිහෙක් මරන්න පුළුවන් වුනු ලපය තිබුණු රහස් තැන කොහෙද ? 

ඕක තිබුනේ කෙල්ලගේ කලවා වලලු. හෙහ් හෙහ් කලවා වල තිබුනානම් අර උඩින්ම තියෙන නම්බරේ 19, 39,40 යන තුනෙන් එකක් වෙන්න ඕනා නෙහ් ? :D 
දැන් අපි ප්‍රමිලා ගැන දන්න නිසා අනිවා 19 වෙන්න බෑ, බොහෝ දුරට 40 වෙන්නත් බෑ, ඒ කියන්නේ තිබිලා තියෙන්නේ 39 හෝ ඒ ආසන්නව වෙන්න ඕනා නෙහ් . හඃ හඃ හඃ හඃ කෝමද හොයාගැනිල්ල සිංදුවා ඉතිහාසේ කලානම්...කියලා වැඩක් නෑ නෙහ්... :D 

දැන් අහල්ලකෝ, ඔය ලපය කියන්නේ ඈතට පේන එකෙකුත් නෙවෙයිනේ. එහෙනම් ඔන්න ප්‍රමිලා නාන වෙලාවක හැංගිලා ඉඳලා බැලුවා කියන්න පුළුවන්. අනික දැන් ඉතින් රජා අර දසාව මරන්න කලින් එක පාරක් හරි ලපය තියෙනවද කියලා බලලා ෂුවර් කරගන්නත් ඇතිනේ. ඒ කියන්නේ ලපය පිළිමේ මාක් කරලා තිබුනා හරිනේ. ඉතින් දැන් ඕක ප්ලෑන් කරලා කරානම්..... 

එතකොට දවසේ ප්‍රශ්නය ? 

කව්ද යකෝ ඔය ලපය හරියටම එතන තියෙනවා කියලා දන්න එකා ? 

දවසේ දැවෙන ප්‍රශ්නය ?

දන්නේ කවුරුවුනත් ඌ කොහොමද දන්නේ ලපය එතන තියෙනවා කියලා ? 


Sunday, December 15, 2013

ගාඩි ප්‍රේමය


ගොඩක් කාලයකට පස්සේ අහපු පට්ට සිංදුවක් ගැන ඔන්න ලියන්නම ඕනා කියලා හිතුනා. වයලා මේ දවස්වල ලෙඩ නිවාඩු. උට දැන් ලෝකේ රවුම් කරලා බැලුවා ඇති කියලා ඩොකා කියලා හතරැස් විදියට බලන්න පුරුදු වෙන්න කියලා. ඒ නිසා දැන් ඔන්න ගෙදරිනුත් ලැප දානවට අවුල්. ඒකත් ශේප් කරගත්තා කියමුකෝ ඒත් වැඩිවෙලා බලාගෙන ඉන්න බැලූ. ඒ නිසා සීයයි මුණුපුරයි ගැන කියන්න වෙන්නේ තව කීප දිනකින් තමයි.

ඉස්සර සින්දුවගේ ජාතික ගී වෙලා සිංදු තුනක් තිබුනා. දැනටත් ඒවා ජාතික ගීතම තමයි. එකක් "රඟහල දැන් ඇත අඩ අඳුරේ" , අනික අප දෙදෙනා පෙම් පිළිසඳරේ... එතකොට තුන්වෙනි එක අන්න බලන් කුමරිය මනමේ... හෙහ් හෙහ් හෙහ් . ඔය සින්දුව කිව්වත් හරි අපේ එකෙක් කියපු ආතල් කතාවක් මතක් වුනා..
උට අනුව මේ සිංදුව ඔන්න කියන්නේ මනමේ එක්ක මනමේගේ යාලුවෙක් පොඩි ඩ්‍රින්ක් පාරක් ගන්න ගමන්ලු.

රඟහල දැන් ඇත අඩ අඳුරේ...
අපි දෙදෙනා පෙම් පිළිසඳරේ...


චඃ බං ඔතනදි නිකන් ගේ වගේනේ... මම කිව්වා.

පිස්සුද බං පෙම් පිළිසඳර කියන්නේ උන්ගේ ලවක් නෙවෙයි. දැන් මනමේ බූට් එක කාලා ඇවිත් මනමේගේ යාලුවට සීන් එක කියන එක.

අන්න බලන් කුමරිය මනමේ.. ඒ කියන්නේ මනමේ බූට ගැන කියද්දී යාළුවා දකිනවා කෙල්ල ඉන්නවා වැද්දගෙන් බූට කාලා. එතකොට යාළුවා මනමෙට කෙල්ලව පෙන්වනවා. මචන් මනමේ, අන්න බලපන් කුමාරි ඉන්නවා... ඔන්න ඕක කියන්නේ කොහොමද අන්න බලන් කුමරිය,   මනමේ ! ඔතන මනමේ කියන්නේ ආමන්ත්‍රණය.  හඃ හඃ හඃ
තනි වී ඇත හිමගිරි අරණේ.

මේ ලඟදි කම්පීටරේ තිබිලා මේ සිංදු කෑල්ල අහුවුනා... ඔරිජිනල් එක රූකාන්තගේ අංඟනාවෝ...

අං ගෙනාවෝ
ලාබයි මේවා අනේ ගන්නකො ඔහෙලා
කීයක් හරි අඩුවෙන් මං දෙන්නම් මෙව්වා
අං ගෙනාවෝ

ප්‍රේමවන්තයින්ගේ මෝඩ කම් බලාලා
මං හදාපු මේ අලුත් අඟේ
හීනි දිගටි බවට ඕන
තරුණියක්ට යහමට දැල
එලත ඇහැකි මේ මගේ මලේ...


ඕක දැක්කම මතක් වුනේ මේ ලඟදි කොල්ලෙක් අමුතු කිට් එකක් ඇඳලා එල්ලිලා මැරිලා තිබුනා දැක්කද. නිවුස් එකේ තිබුණු හැටියට ගෑලු ළමෙක් දැකලා යාලු වෙන්න හොයා බලනකොට තව පොරක් හිමිකම් කියනවලු. ඉතින් බොලේ ඕකට එල්ලෙන්න ඕනිද...
නිව්ස් වල විචාර වැඩක් නෑ ආවනම් සින්දුව කියලා පලයන් නැද්ද..?
හා !

ඉතින් මම දැන් කිව්වේ නෑනේ දෙවෙනි ජාතික ගීතය මොකක්ද කියලා, ඒක තමයි "සුළගේ ලෙළෙනා මල සේ දඟ පා" , අද කතාවට වැදගත් වෙන්නේ තුන් වෙනි ජාතික ගීතය ඒක තමයි "දෙව්රේ දිලෙනා" සින්දුව. මේ සිංදු තුනෙන් එකක් ගැනවත් නෙවෙයි ඉතින් අද කියන්න යන්නේ හැබැයි මේ සිංදු තුනෙන් එකක අද සිංදුවේ ගායකයා ඉන්නවා.

මේ ලඟදි සිංදුවා හරි හරියට නවලෝකේ පැත්තේ රවුම් ගැහුවා. ජෙම්පුරේ ඉඳලා පැය තුනක් තිස්සේ කොළඹට ගාටනවා. කෝම හරි එක දවසක් ඔන්න ටවුන් හෝල් බහින්න ඕනි එකා නිදිමතේ බැස්සා ග්ලාස් හවුස්. බැස්සනම් පලයන් කියලා 138 අල්ලන්න ඔන්න යනවා පයින්... උදේට එක්සර්සයිස් කරන්න ආපු නංගි සුදාලා එක්ක හිනාව දාගෙන යනකොට තියෙනවා ඔන්න ටවුල් හෝල් කියලා හොඳ තණ නිල්ලක් එක සුදු බිල්ඩින් කෑල්ලක්. සිංදුවා යනකොට ටවුන් හෝල් ගාර්ඩන් එකේ ඉන්නවා පොඩි ළමයි සෙට් එකක්. ආයේ සූකිරි ඇඳුම් ඇඳගත්ත, සුදට සුදේ බැබලි බැබලි එහෙම නෙවෙයි, කාකි ඇඳුම් එක්ක කලු වෙච්ච මූණු ටිකක්. ඒ සෙට් එක ෂොපින් කවර ටිකක් අරන් ප්ලාස්ටික් බෝතල් අනං මනං ඇහිදිනවා.

හැම කතාවේම වගේ මේ සීන් එකෙත් හරියටම තව ස්කොල ඇඳුම් ඇඳගත්ත ළමයි ටිකක් අම්මලා එක්ක ඔන්න එතනින් ගියා. ඒ අම්මලා මේ ළමයි ගාවින් යනකොට තමන්ගේ ළමයව ජරා ගොඩකින් අයින් කරනවා වගේ අයින් කර ගත්තා. ඔන්න හැබැයි සිංදුවා ඒක කිව්වේ ඒ අම්මලට බනින්න නෙවෙයි. ඒක දැක්කම සිංදුවට මතක් වුනේ කතාවක්. කියවල තිබුණු කෙටි කතාවක්. කේ ජයතිලකයන්ගේ, කටු සහ මල් පොතේ දෙවෙනි කතාව "වෙනස".

හෝව් හෝව් මූඩ් ගහන්න හදන්නේ. හරි හරි ඔන්න ඒ සීන් එක ඉවර වෙලා නවලෝකේ ගිහින් ඩොකා එනකම් සිංදුවා ඉන්නකොට ඔන්න මතක් වුනේ අර ළමයි ටික. ඒ ළමයි ටිකෙන් ආයේ මීටරේට ආවේ කුලමල සීන් වලට. ඒකෙන් තමයි ඔන්න අද සිංදුවට පොට පෑදෙන්නේ. කුලමල කියපු ගමන් මීටරේට එන්නේ අපිට අශෝක මාලා මමයි ස්වාමිනේ ට්‍රැක් එකනේ... අද ට්‍රැක් එකත් ඒ වගේම එකක් තමයි.

මේ සිංදුවත් හැදෙන්නේ මේ වගේ සීන් එකක් නිසාලු. ඔන්න ඉතින් මහින්ද චන්ද්‍රසේකරයන් කැම්පස් එකේ ඉන්න කාලේ, කැම්පස් නිවාඩුවට එනවලු ගෙදර. ගෙදර එනකොට මිදුලේ ඉන්නවලු, රොඩී කියන කැටගරියේ ගෑලු ළමෙක්. ඔය රොඩී ජනයාටම තමයි ගාඩි කියලා කියන්නෙත් එයාලා ඇවිල්ල දන්නා හැටියට නම්බරයක් නැති පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ දුවගෙන් පැවත එන කට්ටියක්ලු.




ඉතින් මේ ගාඩි කෙල්ල බිම වාඩි වෙලා එයාලගේ එක එක අයිටම් දදා කවි කියනවලු. කියන්නේ රත්නවල්ලි කවිලු. රත්නවල්ලි කවි වලින් කියන්නේ ගාඩි ජනයාගේ දෙවියන් වෙන රත්නවල්ලි කියන දේවියට පුදපූජා පවත්තන කවිලු .රත්නවල්ලි කියන්නේ අර නම්බර නැති පරාගේ දුවගේ නමලු. ඉතින් මේ රත්නවල්ලි ඉස්සර හිටපු අර නාග යක්ෂ ගෝත්‍ර වගේ තෙලඹු ගහක් මුල් කරගෙන හිටපු ජන කණ්ඩායමක ලීඩර්ලු. මෙයාටම තමයිලු ස්වර්ණමාලි කියලා කියන්නෙත්. අර අමරදේව සර් කියන්නේ... ඔබේ නමින් සෑය බඳිමි විමානයෙන් බසිනු මැනවි කියලා. මේ ඒක ගැන වයලා ලිව්ව පොස්ට් එක.

මේ තියෙන්නේ ඒ රත්නවල්ලි කවි ටිකක් මම පත්තරේ තිබිලා කොප්පක් දැම්මා.

නිල්බර නිල් රුකට පිටදී උන්නු ලියේ
නිල්බර නිල් වරළ ගවසා බැන්ද ලියේ
පිල්බර කඳන් පච්ෙච්පන් කරන ලියේ
නිල්බර තෙලඹුවෙන් බහු රත්න වල්ලියේ

ගනසා මඬුල්ලෙන් ගැවසුන රුක්‌ කඳට පිටදී සිටින නිල්වන් කෙස්‌ කළඹින් යුතු= කාන්තාව මොනරකු මෙන් පැහැබර රත්නවල්ලියනි නිල්වන් තෙලඹු ගසින් බසින්න.

ඈත සිටන් එන්න සෙල්ලි සෙල්ලියේ
මෑත සිටන් එන්නෙ මෙල්ලි මෙල්ලියේ
කරේ බැන්ද පවලන් වැල නොසෙල්ලියේ
පැරකුම් රජුගෙ දුව නවරත්න වල්ලියේ

නටමින් ඈත සිට ඔබ එන්නෙහිය. මුදු කෝමළ තැනැත්තිය ඔබ දැන් ළඟ සිට එන්නෙහිය. පබලුවලින් අලංකාරව නිසලව එන පැරකුම්බා රජුගෙ දුව වන නවරත්න වල්ලිය.

සීත සුලං සල් ඔලියෙල් ඇන්ද ලියේ
ගාත ගීත උන ඉසරද නැද්ද ලියේ
බීත කරන මුතු මාලා බැන්ද ලියේ
ගාතා අසන්නට වර රත්න වල්ලියේ

සීතල මුදු සල්මල්වලින් කළ මල් මාලාවකින් සැරසී සිටින කාන්තාව නුඹට උණයක්‌ හිසරදයක්‌වත් වැළඳෙන්නේ නැද්ද? භයංකර පබලුවැල් පළඳින්නාවූ රත්නවල්ලියනි අපගේ ගාථා අසන්නට අප වෙත එන්න


ඉතින් කෝමහරි ඔහොම කිය කියා නටනවා මහින්දයන්ගේ අම්මා ආසාවෙන් හිනාවෙවී බලාගෙන ඉන්නවලු. මේක ටිකක් වෙලා මහින්දත් බලාගෙන හිටියලු වැට ළඟට වෙලා. කෝම හරි ඉතින් ඔන්න හින්දි පික්චාර් එකක වගේ මේකෙත් මේ ගෑලු ළමයා ලස්සන දැරිවියක්ලු. කෝම හරි මේ කැම්පස් කොල්ලාටත් ඉතින් මේ දැරිවිගේ රූපේ, සිත්තම් කරමින් මනසේ ඔබේ රුව වුනාලු.

ඒත් යාලු වෙන්නද, බෑනේ . මොකද යාලු වුනානම් වෙන්නේ චන්ද්‍රසේකරයන්ටත් එයාගේ වරිගෙන් රෙඩ් කාඩ් එක ලැබෙන එක ෂුවර් බඩු. සෝ මේ සීන් එක තමයි පස්සේ ඔන්න චන්ද්‍රසේකරයන් අතින් ගීතයක් විදියට ලියවෙන්නේ.

ප්‍රාණ සමානා මව්පියෝ නැතිවෙයි
වරිග තහංචිය බැල්ම හෙළා 
නුඹේ මූණ බලා හැමදාම ඉඳින්නම්
ගාඩි ළමිස්සියේ යන්න එපා 

පැහැදිලිවම දැන් කොල්ලට මේ ගෑලු ළමයව ලබාගන්න බෑනේ. එහෙම කලොත් අනිවාර්යෙන්ම එයාගේ වරිගෙන් අවුට් තමයි, වංශේ නම් බං කබල් ගාන්නද, කියලා බඳින්නත් බෑ, ප්‍රශ්නේ එතකොට දෙමව්පියෝත් අහිමි වෙනවානේ.  ඒ නිසා මොකද කියන්නේ ලංව ඉන්නට බෑ ලොවේ... සිතින් විතරක් පෙම් කරන්නම්.. ලයින් එකක් යන්නේ. ගෑලු ළමයගෙන් ඉල්ලනවා නොබැඳ මල් කඩමු කියලා.

බෝම ප්‍රවේසම් වීලා ඉඳින් අනෙ
භීත කෙරේ හද මාගේ තදේ 
පාන හිනා ඇති පුංචි පැටික්කියේ
ප්‍රීති කෙරේ සඳ පාන වගේ 


ගෑලු ළමයාගේ හිනාව ප්‍රීති කෙරේ සඳ පාන වගේ, හිනාව ඔහුව කුල්මත් කරවනවා හරියට හඳ පාන වගේ. එතකොට මේ ප්‍රවේසම් සීන් එක ? මේ ළමයට වෙන අයත් බැල්ම දාවි කියලා අපේ කොල්ලා භීතියෙන් භයෙන් ඉන්නේ. ඒ නිසා ගෑලු ළමයට පරිස්සම් වෙන්න කියලා ඉල්ලනවා.

බැන්ද කරේ පවලම් පොට රඟදෙයි 
රන්තැටියට කැරකෙන්ට සොඳේ 
අන්ධ නේත්‍ර මැද පාන වගේ තව 
රන් තෙලඹුව යට ඉන්න ලඳේ 

මේ දැරිවිගේ කරේ තියෙන පවලම් කරකැවෙන්නේ රන්තැටියක් වගේ. (මේකමද මන්ද තේරුම, සිංදුවාටත් ඒ කොටස නම් පොඩ්ඩක් අවුල් පවුල් )  පවලම් කියන්නේ ගාඩි ජනයාගේම විශේෂිත වුනු නමක්ලු. ඒ කියන්නේ රොඩී භාෂාව කියලා වෙනම ලැන්වේජ් වගේ එකක් තියෙයි. ඒක පොඩ්ඩක් වැදි භාෂාවට කිට්ටුයිලු. දැන් ඒක ක්‍රමයෙන් අභාවයට ගිහින්ලු තියෙන්නේ.
අන්ධ නේත්‍ර මැද පාන වගේ කියන්නේ අන්ධ නේත්‍ර කියන්නේ අන්ධ වුනු ඇස් මැද තියෙන පහනක් වගේ, සෝ පහන කොයිතරම් එළිය වුනත් අන්ධ ඇස් වලට පෙනෙන්නේ නෑ, ඒ වගේ ගෑලු ළමයාගේ ලස්සනත් අනිත් අයට නොපෙන්වා ඉන්න කියලා ඉල්ලනවා, තෙලඹුව යට ඉන්න ලඳේ කියන්නේ මම හිතන්නේ පිටගම් නොයා ඉන්න කියලයි, තෙලඹු කියන්නේ මම කලින් කිව්වා වගේ මේ ජනයාගේ දේවිය වාසය කල ස්ථානයනේ. ඒ නිසා මේ කොල්ලා මේ කියන්නේ මේ මාවම පතාන් හිටු කියලා  වෙන්න ඕනා.

දැන්කාලේ බිහිවෙන සිංදු අහ්හ් නෑ නෑ එහෙම කිව්වොත් වැරදියි මොකද තාමත් හොඳ නිර්මාණ බිහිවෙන නිසා, දැන් කාලේ හිට්වෙලා තියෙන චාටර් විකාර සිංදු වලට වඩා මේවා කොච්චර සුපිරිද කියලා අහන හැමවෙලාවෙම සින්දුවාට නම් හිතෙනවා.

දැන් මේකේ මියුසික් ගැන කතා කලාම තනු නිර්මාණය වෙලා තියෙන්නේ උපාලි ජයලත් සංගීතඥයා අතින්. එතුමාත් මේ ගාඩි ජනයා අධ්‍යනයෙන් මේකෙට තනුව හැදුවලු. ගාඩි ජනයා කතා කරන්නේ ඉක්මනින් ඉක්මනින්ලු, ඒ වගේම සමහර දේවල් ඇ.....ද......ලා.......ලු කියන්නේ. සෝ ඒ දෙකම එන විදියට තමයි තනුව හැදෙන්නේ, සිංදුව අහනකොට තේරෙනවනේ දුව දුව යනවා වගේ, පස්සේ වර්ස් වලදී සමහර වචන වල ඇදීමක් මීටර් වෙයි අහනකොට.

අහ්හ් තව එකක් මේක මම හිතාගෙන හිටියට ජානක වික්‍රමසිංහයන් කිව්වා කියලා පස්සෙයි දන්නේ මුල් ගායනය ඩී.එම්. රාජරත්නයන්ගේලු. සිංදුවාට ඒ ට්‍රැක් එක හොයාගන්න බැරි වුනා.  සිංදුවාත් තාම අහලා නෑ පළමු එක.

එහෙනම් හිදලු ගෑවී, හිසලු ගෑවා, එකන්ගෙ ගැඬියා, එකන්ගෙ අන්ගි, එකන්ගෙ ගාඬියා,  එකන්ගෙ ගැඬී,  නැන්දම්මා, ලොකු අප්පා, බාලම්මා, හීන් තාත්තා,  ඉලයත් හිදුලු ගැවා, ඉලයත් හිදුලු ගැවී.. ආයේ සිංදුවා තැවින්නෙනම් මේ සින්දුව ඉගිල්ලන්න.
ගලු පානවා එපා බං. තේරෙන්නේ නැත්නම් තේරුම දැනගන්න මෙතනට තැවින්නියන්.






ප්‍රාණ සමානා මව්පියෝ නැතිවෙයි
වරිග තහංචිය බැල්ම හෙළා
නුඹේ මූණ බලා හැමදාම ඉඳින්නම්
ගාඩි ළමිස්සියේ යන්න එපා

බෝම ප්‍රවේසම් වීලා ඉඳින් අනෙ
භීත කෙරේ හද මාගේ තදේ
පාන හිනා ඇති පුංචි පැටික්කියේ
ප්‍රීති කෙරේ සඳ පාන වගේ

බැන්ද කරේ පවලම් පොට රඟදෙයි
රන්තැටියට කැරකෙන්ට සොඳේ
අන්ධ නේත්‍ර මැද පාන වගේ තව
රන් තෙලඹුව යට ඉන්න ලඳේ


ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : මහින්ද චන්ද්‍රසේකර
තනු නිර්මාණය : උපාලි ජයලත්

  

Monday, November 11, 2013

රෑට එන නිශාන්ත නෑ




රෑට එන නිශාන්ත නෑ
හවස එන ගයානුත් නෑ //
දෙන්නම ශීලව බදාගෙන
හෝම් එකක් ඇතුලට වෙලා
ඇඳ උඩ කොළ එලාගෙන
හීන බල බල නිදාගන්නවා
හඃ වහඃ
හඃ වහඃ
කිය කිය හයියෙන් කෑ ගගහා
ශීලා හොටු පෙරාගෙන
අරුන් දෙන්නගෙන් ආතල් ගන්නවා

රෑට එන නිශාන්ත නෑ ..............

අරුන් දෙන්නට තේරෙන්නේ නෑ
අරකි ආතල් ගන්නවා කියලා,
ඒ _තතෝ දෙන්නගේ කරවටේට බඳාගෙන
ශීලාගේ එයාගේ හීනයේ ජීවත් වෙනවා,
ශීලට තේරෙන්නේ නෑ
එයා කරන්නේ මහා පල් වැඩක් කියලා,
ඒ උනාට ඒක මාර ආතල් වැඩක් ලෙස
ශීලා විශ්වාස කරනවා,
හඃ වහඃ
හඃ වහඃ
කිය කිය හයියෙන් කෑ ගගහා
ශීලා හොටු පෙරාගෙන
අරුන් දෙන්නගෙන් ආතල් ගන්නවා

රෑට එන නිශාන්ත නෑ............

ශීලාගේ ගල තෙමෙන්නේ
මෝසම් වැස්සක් වහිනවා වගේ,
ජබ්බ ගල් දෙකක් නිසා
තෙමන එකත් ලේසි නෑ,
ලන්දේසි කාරයොන්ටනම්
ඒක ලේසි වැඩක්,
බස් එකක් පිටින් ආවත්
උන්ට කිසිම ගානක් නෑ,
හඃ වහඃ
හඃ වහඃ
කිය කිය හයියෙන් කෑ ගගහා
ශීලා හොටු පෙරාගෙන
අරුන් දෙන්නගෙන් ආතල් ගන්නවා

රෑට එන නිශාන්ත නෑ ................


Monday, November 4, 2013

එවිට මාගේ හදගැස්ම නවතී





රාත්‍රියේ නිදන විට 
මා ඔබ දකීමි
අවධිවන විටද 
මා ඔබ දකීමි
මේ අයුරින් මා 
ඔබ හා ජීවිතය ගෙවා ඇත
ඔබ මා හදවතේ ලැගුම් ගනී
එවිට මාගේ හදගැස්ම නවතී ///

ඔබ මා හදවතේ ලැගුම් ගත්විට
හදවතේ ඇතිවන හැගීම වචනවලින් පැවසිය නොහැක
අද ඔබ මාගේ ඒ හදවතට සවන් දේ
ඔබ මා හදවත ආදරයේ පැහැයෙන් අලංකාරවත් කරයි
හදවත කියනුයේ කුමක්ද කියා ඔබට ඇසෙනු ඇත
එවිට මාගේ හදගැස්ම නවතී ///

ඇයි මා හට මේඅයුරින් මෙය දැනෙනුයේ
මා ඔබට හදවතින්ම ආදරය කරමි
මගේ සිහිනතුල සිටිමින් ඔබ මගේම වන්න
ඔබ මා හට ඒ සෙනෙහස දක්වන්න
එවිට මාගේ හදගැස්ම නවතී ///



Wednesday, October 30, 2013

මගේ රුවන්මලී


ආයුබෝවන් වාසනාවන් දූවේ පුතේ නංගියේ මල්ලියේ නැන්දේ මාමේ සීයේ ආච්චියෙ අම්මේ තාත්තේ අයියේ අක්කේ නෑනේ මස්සිනේ බාප්පේ පුංචියේ යාලුවේ යෙහෙළියේ සහෝදර සහෝදරි වරුණේ
මගේ අපල කාලය ගෙවී ඔබගේ අපල කාලය ලැබී... අහ්හ් නෑ නෑ ඔබලාගේත් වයලා නිසා ලැබිලා තිබුණු අපල කාලය ගෙවී, නිවී හුදී ජන සිත් පහන් සංවේගය උදෙසා සෞභාග්‍යමත් හෙට දවසක් අරන් ඔබේ පිලේ පහන් දල්වන්නට හා ඒ ආලෝකයෙන් ලෝකය එළිය කරන්න ඔබ සමග අත්වැල් බැඳගෙන සිංදුවක් අහන්න  ඔන්න ආයෙත් සිංදුවා රිටර්න්ඩ් !

මොනාද මන්ද පත්‍රයට අනුව පළමුව ඇත්තේ ස්තුති කතාවක් කිරීමටයි.  ඒ සඳහා අති ගරු සින්දුව මහතාට මම ගෞරවයෙන් ආරාධනා කරනවා.

...ශ්හ්.... ටොක් ටොක්... ෆහ්හ්හ් ෆ්හ්හ් ෆ්හ්හ් .. ඩිහ්හ් ඩිහ්හ් ඩිහ්හ් (මයික් එක වැඩද බැලුවේ)  (ඇරත් කොච්චර මයික් එක වැඩ වුනත් අපේ කට්ටියට ඔය ටික නොකර නිකන් මදි වගේනේ)
සභාවෙන් අවසරයි ... අපේ හාමුදුරුවනේ... හාමුදුරුවන්ට කියන්න ඇත්ත වශයෙන්ම මේ ජනතාව මම ඡන්දය ඉල්ලු අවස්ථාවේ නොමසුරුව මට ඡන්දය දීලා තිබුනා. ඇත්ත වශයෙන්ම මම බොහෝම ණයයි අපේ හාමුදුරුවනේ. යාලුවන්ට පවා කියලා උන්ගේ ඡන්දයත් මට ලබාදෙන්න ඔවුන් කටයුතු කර තිබුනා.. ඇත්තටම මම ඒකට බොහෝම පිං දෙන්න ඕනා උන්ට. ඒ නිසා අපි මුලින්ම පිං දීල ඉමු.

ඉමිනා පුඤ්ඤ කම්මේන
මාමේ බාල සමාගමෝ
සතං සමාගමෝ හෝතු
යාව නිබ්බාන පත්තියා

:D :D :D
මම දන්නවා අපේ පින්වත්තු පිං වලට වඩා කැමති නිවුස් වලට බව. දැන් ඉන්න බැරුව ඉන්නේ මොකක්ද එදා වුනේ කියලා දැනගන්න වෙන්ට... :D



මෙන්න මේකයි වුනේ. සින්දුවාලගේ ප්‍රොජෙක්ට් එක පලවෙනි තුන අතරට තේරුනේ නැහැ පිංවතුනි... චඃ සාදු කියන්න එපා හප්පා. බයි ද වේ සිංදුවා ට්‍රයි එක තාම අතෑරියේ නෑ :D තව කොම්පිටිෂන් තියෙයි නොවැ. ඒ වගේම ජනතා සම්මානය දිනාගන්නට සිංදුවලගේ ප්‍රොජෙක්ට් එක සමග කරට කරට තරග වැදුණු අනිත් කණ්ඩායම වැඩි චන්ද ලබාගනිමින් ජනතා සම්මානයත් හිමි කරගත්තා. ඉහි ඉහි ඉහි. කෙසේ වුවද එයට කැපවී මහන්සි වී බොක්කෙන්ම සප් එක දීපු ජනතාව වෙනුවෙන් මගේ හිස නැමූ ආචාරය පිළිගනු මැනවි. අහ්හ් අර බුල්ටෝ පැකට් මම ගුණසිරි අයියට ඕඩරේ ලබා දී ඇති අතර එය ඔබට යතා කාලයේදී ගෙදර දොරකඩටම ලැබෙන්න කටයුතු කරන බව ඔන්න සලකන්න. ඇන්ඩ් පී : එස්:  එය තවත් ඡන්ද පොරොන්දුවකි ඈ

ඉතින් පහුගිය දවස් ටිකේම වගේ අනිත් බ්ලොග් පැත්තේ තියා මේ බ්ලොග් එක පැත්තෙවත් එන්න බැරිවුනේ පිංවතුනි සිංදුවා බැහැලා ඕකට කෝඩ් කරපු නිසාවෙන් බව කරුණාවෙන් සලකන්න. ලැබෙන කාලය අනුව නැවතත් ඔබගේ බ්ලොග් වල කරක් ගහන බව කරුණාවේන් සලකන්න.
කෝම හරි ඉතින් සින්දුවගේ ගෘපිය ඔන්න ඔය උඩ තියෙන කුසලානේ අරන් ගෙදර යන්තම් රෙදි එක්ක ආවා පිංවතුනි. කෝම වුනත් මිට පස්සේ කොයි තරඟෙට ගියත් ගෙදරට සද්ද නැතුව හොරෙන් යන එක තමා ඔන්න ඇඟට ගුණ. :D

ඔය සීන් අතරේ බ්ලොග්ගුව එළකිරි වගේ කතා ටිකක් එක්ක වයලා කොලුවා ඇදගෙන ගොස් ඇති බව පෙනුන අතර එයටද මගේ ප්‍රමාණය ඔහුට ලැබෙන්න ඕනා. පොඩි ගුරුන්වහන්සේගේ හොල්මන් කතා අසා හොල්මන් වී අපත් සමග රැදී ඉන්න ඔබ ජනතාව දුටු මට පහන් සිතුවිල්ලක් ඇති වුනා පිංවතුනි.. ඒ නිසා මමත් ඔන්න හිතුවා හොල්මන් සින්දුවකින්ම වැඩේ පටාන් ගන්න. :D :D

ඇත්තටම සින්දුව නෙවෙයි හොල්මන්. සිංදුවේ තේරුමලු හොල්මන් ගැන තියෙන්නේ. හරි දැන් කියන්න බලන්න මම අද කියන්න යන හොල්මන් සින්දුව වාට් කියලා ?

1. මම බොහොම බයවුනා මගේ පණ එපා වුනා
2. ගෙදර හිටිය හොල්මන අපෙ රෝසා අනේ රෝසා

ඔතනින් මම අද කියන්න යන්නේ.....

ඇත්තටම මම අද කියන්න යන්නේ ඔය සිංදුවක් ගැන නෙවෙයිලු ඔන්න.එහෙනම් ඇති නේද පඳුරක් වටේ හොල්මන් කළා.  අපි යමු සිංදුවට.

එක්දාස්නවසියහැත්තෑ ගණන් වල ඔන්න දුම්බර මිටියාවත පැත්තේ , සුන්දර  ගම්මනෙක මැද්දේ , නුදුටු විලාසේ ඇයි මගහැර යන්නේ , සිතට මගේ නෑ වාවන්නේ.. අහ්හ් ට්‍රැක් පැන්න නේද...
මේකයි, ඔන්න ආයෙත් එකදාස් නවසිය හැත්තෑ ගණන් වල දුම්බර මිටියාවත ඒ කිව්වේ නකල්ස් කඳුවැටිය පැත්තේ ගමක හිටියලු ගෑලු ළමයෙක්. මම හිතන්නේ ඔතනට දුම්බර කියන්නේ දුමෙන් බර කියන අරුතෙන් වෙන්න ඕනා. මොකද ඒ හරියේ මීදුම කොයිවෙලාවෙත්. ඉතින් වෙනදා වගේම මේ ළමයා ඔන්න වතුර ගේන්න කලෙත් අරන් ලිඳට නෙවෙයි ගඟට ගියාලු. එදා දරුවනේ වැස්ස නිසා ගඟ සැරයිලු. ඔයාලා හිතපු විදියටම ඒ ගෑලු ළමයා ඔන්න ගඟට අහුවෙනවා. කෝමහරි සුපර්මෑන්ට එදා පෝය නිවාඩු නිසා කෙල්ලව බේරගන්න කෙනෙක් නැතුව අර වතුර පාරට ඒ ගෑලු ළමයා බිළිවෙනවා. (ඔතන සිද්ධිය ගඟක නෙවෙයි වැවක වුනේ කියලත් කියනවා)

ඔන්න ඒ මරණින් පස්සේ,  වයලා මේ බ්ලොග්ගුවේ පහුගිය දවස්ටිකේ හොල්මන් කළා වගේ මේ ගෑලු ළමයත් පෝය දවස්වලට එතන ඔන්න ගමේ ඇත්තන්ට ඉන්නවා පෙනුනලු. පස්සේ මොකද වෙන්නේ මේ කතාව යනවා "අද්භූත කතා" කියලා පොතක එක් කතාවක් වශයෙන්. ඔන්න ඔය පොත කියවනවලු දවසක් උදයසිරි පතිරණ මහත්තයා. ඒ දවස්වල එතුමා පිටපත් රචකයෙක් විදිහට ගුවන් විදුලියේ වැඩලු. මේ කතාව වෙනස්ම කෝණයකින් එලියට එන්නේ ඔන්න ඊට පස්සේ.

සමහර තැන් වල මම දැක්කා තියෙනවා මේක ලිව්වේ මඩවල එස් රත්නායකයන් කියලා. නෑලු නෑලු මේක ලිව්වේ ඇත්තටම උදයසිරි පතිරණයන්ලු. ඔව්වා ඔහොම තමයි වැරදි එව්වා අස්සේ හරි එක හොයන්න ගියාම තමයි ජම්බු හම්බවෙන්නේ. අන්තිමට ඇත්තටම ලියපු මනුස්සය කොහෙවත්. පාරේ ගියත් මිනිස්සු දන්නේ නෑ. ඔහොම වෙලා තියෙයි අපේ අම්මාගේ යාලුවෙක්ට. හේමා ඇන්ටි කියල මහජන බැංකුවේ වැඩ කලේ දැන් නම් විශ්‍රාම අරන්. ඒ ඇන්ටි තමයි ලියලා තියෙන්නේ නන්දා මාලිනි කියන "මලට රේණු සේ ඔබ ළඟ ඉන්නම්" සින්දුව. හැබැයි අද වෙනකම් මම කොහෙවත් ඒ ඇන්ටිගේ නම තියෙනවා දැකලා නෑ. රේඩියෝ වලත් අඩුම තරමේ තනුව මෙයා පද රචනය මෙයා කියලවත් සිංදුවක් දානකොට කියනවනම් ඒක ගොඩක් වටිනවා. නැත්නම් ඉතින් කරන්න තියෙන්නේ ඒ දෙන්නටත් අර ඉරාජ් කරනවා වගේ සිංදුවේ වීඩියෝ එකේ පැත්තක කට්ටියට පේන්න ඉන්න.

හරි හරි ආයෙත් අවුට් ඔෆ් ට්‍රැක්. දැන් මම කිව්වේ මේ වෙනස්ම කෝනෙකින් එලියට ආවා කියලනේ . ඒ කිව්වේ "තොටමුණ බද සිටි රුවන්මලී" කියන සිංදුවෙන්. අර නැතිවුණු දැරිවිගේ ඇත්ත නමත් රුවන්මලී ද කියන්නම් මම දන්නේ නෑ. කෝමවුනත් ඔන්න සිංදුවට අනුව නම් නම රුවන්මලී.
රුවන්මලී නැතුව මේ සින්දුව කියන්නේ එයාගේ පෙම්වතා.






තොටමුණ බද සිටි රුවන්මලී
ගඟ බිලිගත් මගෙ රුවන්මලී
ගමට සිටිය එක රුවන්මලී
ගඟට වරෙන් අද රුවන්මලී

ඉර අවරට යන හැන්දෑ යාමේ
දුම්බර කඳු වැටි මුදුන් වලින්
සිහින් වළාවක් සෙමින් නැගීලා
මේ තොටමුණ බද රැඳී සිටී

සුදු ඔසරිය හැඳ වළා රොදින් බැස
රුවන්මලී තොටමුණට ඇදේ
කළය පුරා දිය උකුලෙ තබා ගෙන
හෙමින් හෙමින් පා නගනු පෙනේ

පද රචනය : උදයසිරි පතිරණ
සංගීතය හා ගායනය : පණ්ඩිත් අමරදේවයන්

ඔය සිංදුව නම් කතාව දැනගත්තට පස්සේ හරිම ලේසියි ගලපගන්න නේද. අර අවතාර කියන කෑල්ල මුලින්ම  හයිලයිට් වෙන්නේ සිහින් වළාවක් සෙමින් නැගීලා කියන පොයින්ට් එකෙන් මම හිතන හැටියට. මන්ද මට නම් සින්දුව අහද්දී සිංදුවේ තියෙන ඔක්කම නිකන් මැවිලා පේනවා වගේ. නකල්ස් කඳුටික. ඒ මැද්දේ තියෙන ගම ,  ඒ ගාව තියෙන ගඟ, ගෑලු ළමයා එනකම් ජීවිතේම එපා වෙලා බලාගෙන ඉන්න පෙම්වතා, ඒ අස්සේ කළයක් අරන් මීදුම එක්ක සුදු වතින් එන යුවතිය, ඈ දැකලා සතුටින් ඉන්න පෙම්වතා... මටනම් දැන් පිස්සු වගේ අයියෝ...

මියුසික් අතින්නම් උපරිමයි. පටන් ගන්න කොටම ගඟ ගැන කියලා ඉවරයි. ඒ අවට පරිසරය ඔක්කම හිතේ මවලා ඉවරයි. ඒ වගේම දුක ඇතුලෙන් තියෙන සතුට . හී හී මටනම් මැවෙන්නෙම ඒ මියුසික් එක්ක ගඟක ගලක් උඩ වාඩි වෙලා ඉන්න පෙම්වතා...  අනික අවතාර ගැන කිව්වත් මියුසික් වලින් පෙන්වන්නේ භය හිතෙන ස්වරුපයක් නෙවෙයි. ඒත් යම් අද්භූත ගතියකුත් තියෙයි. ඉතින් ඔය ඔක්කම එක්ක සිංදුව අහනකොට.............
අමරදේවයන්ගේ වචනයෙන්ම කියනවනම් එතැනදී බිහිවෙන්නේ රස පුංජයක්. සහෘදයා නිර්මාණ සම්පත්තියෙහිම ගැලී එහි රසහව් විඳගන්නවාලු.

මේ සින්දුව මුලින්ම ගයලා අවුට් වුනාම ඒ දවස්වල ගොඩක් ජනප්‍රිය වුනාලු. කොච්චර ජනප්‍රියවුනාද කිව්වොත් මේක අහපු අම්මලා එයාලගේ අලුත උපන් දෝනියන්දලට නම තිබ්බේ රුවන්මලී කියලලු. හේ හේ එකෙන්ම ඒකත් මරු නම් පොඩ්ඩ. වයලට දුවෙක් ලැබුනම මම දාන්න ඉන්නෙත් ඔය නමම තමයි :D
එහෙනම් සාසා නංගි කියනවා වගේ හැමෝටම හැපී ෆුල් මුන් පෝය ඩේ ආ... !


Tuesday, October 22, 2013

පොඩි හෙල්ප් එකක් ඕන !


මේ බ්ලොග් කියවන ලියන මචාන්ස්ලා මචීන්සලා දන්නවා ඇතිනේ මේ දවස්වල සිංදුවා බ්ලොග් එකේ පේන්න නෑ කියලා . ඒකයි මම දැන් රජ කරන් ඉන්නේ . ඔන්න පොඩි ෆොටෝ කෑල්ලක් දැම්මා සින්දුවගේ මුණ බලන්න . හැක හැක හැක



සිංදුවා මේ දවස්වල ස්ලිට් එකේ ෆයිනල් එක්සෑම් එකට ලැස්තිවෙනගමන් උන්ට කරන්න තිබ්බ ප්‍රොජෙක්ට් එකත් අහවර කොරගත්තා .

ප්‍රොජෙක්ට් එක නම

LOCATION BASED ADVERTISEMENTS AND NAVIGATION SYSTEM

මේක ඇවිල්ලා ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලට හරියන app එකක් පින්වතුනී .
MC වගේ ෂොපින්මෝල් එකකට ගියාම ඒකේ තියෙන කඩවල් වලින් අපේ ෆෝන් එකට කඩේ තියන දේවල් ගැන ( බඩු ගැන ;) ) ඇඩ්ස් එවනවා . ඉතිං කඩේ ගාවින් යත්දී අපිට ෆෝන් එකෙන් ඒ එවන ඇඩ්ස් බලන්න පුළුවන් . එහෙම නැත්නම් ගෙදර ඉඳලා උනත් ඇඩ්ස් බලන්න පුලුවන් . තව ෂොපින්මෝල් එක ඇතුළේදී එතන මැප් එක ගන්න , අපි ඉන්නේ කොතනද ? යන්නේ කොහෙද මල්ලේ පොල්ද කියලා බලාගන්න වගේ එව්වා මෙව්වා ගැජට් කෑලි ගොඩක් දාලා තියෙනවා .

ඉතින් මේ app එක කෝඩ්ෆෙස්ටිවල් කියලා කම්පිටිෂන් එකකට ඉදිරිපත් කරලා තියෙනවා . ඒ අහවල් එකෙන් ඉදිරියට එන්න අපි ඔයාලගෙන් හෙල්ප් එකක් බලාපොරොත්තු වෙනවා . මේ මාසේ 25 වෙනිදා දක්වා vote කරන්න පුළුවන් .

# මෙන්න මේ ලින්ක් එකට කොටන්න .

        LINK

# ගිහින් බලන්න පහල ඇති මෙන්න මෙහෙම එකක් .



# ඒකේ vote කියන තැනට කොටලා ඔයාගේ නමයි ඊ මේල් එකයි දාන්න .

# ඊටපස්සේ එතන තියෙන vote බට්න් එකට කොටන්න .

# ටික වේලාවකින් ඔයාලට ඊ මේල් එකක් එයි මෙන්න මෙහෙම

 // Dear Sir/Madam, 

Thank you for voting for Location Based Advertisements and Navigation System. 
Please click the following link to confirm your vote. //

# අන්න එතනම උඩම තියෙන ලින්ක් එක උඩ කොටලා ඔයාලගේ vote එක verify කරන්න .



කරපු හෙල්ප් එකට බොහොම ස්තූති !

හැමෝටම සමන් දෙවී පිහිට ප්‍රාර්ථනා කරනවා !

Sunday, October 20, 2013

ගාමිණී පුතේ උඹට මාව මතකද ?





උඹ මගේ වලව්වට එක්ක ආවේ 1947 අගෝස්තු 2  .  මට ඒ අත්දැකීම , ඒ දවස කවදාවත් අමතක වෙන්නේ නෑ . උඹ දන්නේ නැති උනාට මොකද අපේ තාත්තා අලි ඇත්තුන්ට ගොඩක් ආදරේ කළා . අපේ වලව්වේ උඹ එන්න කලින් අලි ඇත්තු ගොඩක් හිටපු අලි ගාලක් තිබුනා . ඒත් 1945 විතර වෙනකොට ඒ අලි ඇත්තු ඔක්කොම වයස නිසාම මිය ගියා . ඒත් එක්කම අපේ අලි ඇත්තු ගැන තියෙන ආසාව තවත් වැඩි උනා කියනවනම් මම හරි .

පොඩි කාලේ ඉඳලා මම හිටියේ අලි ඇත්තු එක්ක . ඒ නිසා මට එයාලා නැති පාළුව තදින්ම දැනෙන්න ගත්තා . ඉන්නම බැරි තැන මම 1947 අවුරුද්දේ ආණ්ඩුවෙන් අලි අල්ලන්න බලපත්‍ර කීපයක් ගත්තේ . ඒ බලපත්‍ර වලින් තමයි මම උඹත් එක්ක අනිත් තුන් දෙනා අල්ල ගත්තේ . මතකද පුත්තලමේ කැලේදී උඹව අල්ලගත්ත හැටි . උඹ පැනලා දුවන්න කොච්චර උත්සාහ කලත් මම උඹට යන්නේ දුන්නේ නැත්තේ අනිත් ඇත්තුන්ට වඩා උඹ ටිකක් විසේ කාරයා නිසා උඹව වලව්වට එක්ක යන්න මට උවමනාව තිබ්බ නිසා . 

උඹලා හතරදෙනා ඇස් දෙක වාගේ පරිස්සම් කරලා වලව්වට ගේන්න එච්චර ලේසි උනේ නෑ . මොකද ඉතින් හතරදෙනාම පයින් එපාය එක්ක එන්න .



ආරොන් අලි බාසුන්නහේ එක්ක උඹලා වලව්වට එනකල් අපි බලාගෙන හිටියේ හරිම ආසාවෙන් . මතකද අපි උඹලා හතරදෙනා නැකතට වලව්වට එක්ක ආව දවසේ මම උඹට වැඩිපුර කිරිබත් කන්න දුන්නා . හාමුදුරුවරු ලවා උඹලා හතර දෙනාට පිරිත් කියවලා තමයි මම උඹලට නම් තිබ්බේ . උඹට ගාමිණි . අනිත් දලයට කණ්ඩුල . අලි දෙන්නට නීලගිරි , ගජබා කියලා නම් තිබ්බා . කාලයක් තිස්සේ වලව්වේ තිබිලා , තවත් කාලයක් තිස්සේ වලව්වේ නැතිවෙලා තිබ්බ අලි ඇත්තුන්ගේ සුවඳ එදා ඉඳලා වලව්වේ ආයෙත් පැතිරෙන්න පටන් ගත්තා .

මම මගේ මුණුබුරෝ තුන්දෙනාටයි මිනිබිරියටයි උඹලා හතරදෙනාගේ අයිතිය එදාම පවරලා දුන්නේ මම ජීවිතේ වැඩි කාලයක් ගෙවලා තිබුන නිසා . උඹව මම පවරලා දුන්නේ දේවින්දට . කණ්ඩුල දුන්නා රුක්මන්ට . ගජබා දුන්නේ රංජිත්ට . නීලගිරි දුන්නා රංජනීට . 


උඹ තමයි මගේ වලව්වේ ඇත් පන්තියේ නායකයා උනේ . මම නායක කම උඹට බලෙන් දුන්නේ නෑ . ඒත් උඹ අනිත් තුන් දෙනාට වඩා ඉදිරියෙන් ඉඳලා වැඩ කළා . උඹව දළදා පෙරහරට එක්ක යන්න මම හරිම ආසාවෙන් හිටියේ . ඒ වගේම මම උඹව ඒ පෙරහරට එකතු කළා . ටික ටික උඹ ලොකු වෙනකොට උඹේ පෙනුම මංගල හස්ති රාජයෙකුගේ හැඩරුව පෙන්නන්න ගත්තා . ඊට පස්සේ තමයි උඹව දළදා පෙරහරේ වගේම අනිත් දේවාල වල පෙරහැරවල් වල කරඬුව වැඩම කරන්න දායක කරගත්තේ . ඊට පස්සේ තමයි උඹ අපේ රටේ ගාමිණී ඇතා කියලා ප්‍රසිද්ධ උනේ . උඹව දාලා මම අවසන් ගමන් ගියත් මම ඊට පස්සෙත් උඹලා හතරදෙනා ගැන සෙවිල්ලෙන් තමයි උන්නේ .




උඹ අවුරුදු 60ක් 65ක්ම යනකන් නුවර දළදා පෙරහරේ , සබරගමුව මහ සමන් දේවාල පෙරහැරේ , නවගමුව පත්තිනි දේවාලේ වගේ දේවාල , පන්සල් ගොඩකම පෙරහැර කරඬුව වැඩම කරන්න දායක උනා . ඊට අමතරව උඹ තවත් වැදගත් තැනක ගත්තේ සමහර දළදා පෙරහැරවල පෙරමුණේ රාල කර පින්නාගෙන පෙරහරේ ආරම්භක හස්තියා විදියට ගමන් ගත්ත එක . උඹ එහෙම යනකොට මගේ නම කියලා මේ එයාගේ ගාමිණී ඇතා කියලා කියනකොට මට දැනිච්ච සතුට කියලා නිම කරන්න බෑ . කිසිම මනුස්සයෙක්ට කරදරයක් නොකර ඒ නම්බුව රකින්න උඹත් දායක උනා . හැබැයි ඒ සතුට මම වින්දේ ගන්ධබ්බ අවස්ථාවක ඉඳලා . 

උඹට මතකද මුලින්ම උඹව බලාගත්තේ අරනෝලිස් මාමා . ඊට පස්සේ තලගම හේරත් කියන අයත් උඹව බලාගත්තා . අන්තිමටම උඹව බලාගත්තේ විපුලසේන කියන මාමා .  උඹව බලාගන්න විපුලසේන වගේම උඹේ අයිතිය භාර කරපු දේවින්ද පුතත් මහන්සිවෙලා වැඩ කළා කියල මම දන්නවා . මට පෙනුනා දේවින්ද පුතා උඹව බලාගන්න අයට නීති දදා උඹට හොඳින් සලකන්න කියලා කියනවා . අශෝක දංගොල්ල මහත්මයත් , මියනපලාව චූටි වෙදමහත්තයත් උඹට කරන්න පුළුවන් හැම ප්‍රතිකාරයක්ම දෙන්න කොයිවෙලෙත් විමසිල්ලෙන් හිටියා .







ඒත් ගාමිණි පුතේ උඹත් දන්නවනේ බුදු හාමුදුරුවෝ කියපු බණවල හැටියට මේ හැමදේම නැතිවෙනවා . කවදාවත් පවතින්නේ නෑ . ඒකනේ ඇතෙක් වෙච්ච උඹට කලින් මට පරලොව යන්න උනේ . 2010 අවුරුද්දේ උඹ දළදා පෙරහරට ගිහින් ආයෙත් වලව්වට එන්න ලෑස්තිවෙලා දළදා මාලිගාවේ ඉස්සරහා දනගහලා දළදා හාමුදුරුවන්ට වඳිනවා මම දැක්කා . " දළදා හාමුදුරුවනේ මේ මගේ අන්තිම ගමන " කියලා උඹ දැනගත්ත නිසා වෙන්න ඇති උඹේ ඇස්වල කඳුළු තිබුනේ . මම ඒ කඳුළු දැක්කත් මම කියලා මොනවා කරන්නද බං . අවුරුදු 75ක් කියන්නේ ඇතෙක් ජීවත් වෙන්න පුළුවන් ලොකු කාලයක් . උඹ තමයි ලංකාවේ එතකොට හිටපු වයසකම ඇතා . 

උඹේ කටේ දත් ගෙවිලා කන්න බැරි උනාම වලව්වේ හැමෝම උඹට කන්න බොන්න ගෙනත් දීලා උදවු කළා මම දැක්කා . ඒත් අහසේ පාවෙවී ඉන්න මම උඹට කොහොම උපස්ථාන කරන්නද . මට තිබ්බේ මේ හැමදෙයක්ම බලාගෙන ඉන්න විතරයි . උඹ ලී රාමුවකට හේත්තුවෙලා අමාරුවෙන් ඉන්නවා දැක්කම මම උඹ ගාවට ඇවිත් උඹේ ඔලුව අතගෑවා . උඹට සමහරවිට දැනෙන්න ඇති . හාමුදුරුවරු වැඩලා උඹට පිරිත් කිව්වේ උඹට තව ටික දවසක් හරි සනීපෙන් ජීවත් වෙන්න ලැබේවා කියලා ආශිර්වාද කරන්න . ඒත් මගේ ඇත් පංතියේ අවසානයා විදියට උඹ උඹේ ගමන අවසන් කරා .





2011 දෙසැම්බර් 20 වෙනිදා උඹ මම ඉන්න ලෝකෙට එනවා කියලා දැනගන්නකොට මට ලොකු සතුටක් දැනුනා . ඒත් උඹ මැරෙනවා කියලා දැනගත්තම මට ලොකු දුකකුත් දැනුනා . එහෙම උනත් මට මගේ ලෝකේ උඹව හොයාගන්න තාමත් බැරි උනා .













ගාමිණී පුතේ උඹ නිවන් දැක්කද ? . නැත්නම් මේ පරලොවේදී මාත් එක්ක කතා නොකර ඉන්නේ උඹව කැලෙන් අල්ලන් ඇවිත් වලව්වේ හිරකරපු තරහටද ?

ගාමිණී පුතේ ඉස්සෙල්ලම කියපන් උඹට මාව මතකද ?
මම බෝතලේ වලව්වේ හිටපු උඹේ අයිතිකාරයා . ඩී එස් සේනානායක







( ෆොටෝ වීඩියෝ අප්ලෝඩ් කරපු උන්නැහේලට බොහොම ස්තූති )

Thursday, October 17, 2013

පුංචි ළමයි වස නෑ පැටියෝ





එක දිගටම යස්ස කතා කියලා දැන් හරිම මෙව්වා මෙයාලා . ඒ නිසා බැලුවා වෙන ඉස්ටෝරියක් කියන්ට කියලා . මේක මේ වයලීනෝ බබා කාලේ වෙච්ච සිද්ධියක් . බබා කිව්වේ මම හිතන්නේ දෙක වසරේ ඉන්න කාලේ . මුකුත් මතක නැති තොත්ත බබා වගේ " හිතන්නේ " කියල කිව්වට දෙක වසරේ ඉන්න කාලේ තමයි මේක උනේ .

වයලීනෝ බබා කාලේ ගමේ ඉස්කෝලෙට තමයි ගියේ . රත්නපුරේ තියෙන මධ්‍යමහා විද්‍යාලය සීවලිය උනාට සීවලී මධ්‍යමහා විද්‍යාලය ආරම්භ උනේ අපේ ගමේ ඉස්කෝලෙන් . කන්නංගර මහත්තයා හදපු මධ්‍යමහා විද්‍යාලය තමයි අපේ ගමේ ඉස්කෝලේ . ඒකෙ ඉඩ මදි උනාම තමයි ඉස්කෝලේ වෙන තැනකට ගෙනිහින් තියෙන්නේ . පස්සේ ගොඩනැගිලි අපරාදේ නිසා මේක මහා විද්‍යාලයක් බවට පත් කරලා තියෙනවා . ඒ ඉස්කෝලේ ඉගෙනගත්ත කාලේ තමයි පාසල් කාලේ හොඳම ටික වගේ හිතෙන්නේ . මොකද සිස්සත්තේ කරලා සින්දුවා ඉන්න ඉස්කෝලෙට ආවට පස්සේ ටිකක් නීති රීති ලොට්ටක් එක්ක පොඩ්ඩක් අපි හොඳ ළමයි උන නිසා .

එක වසරට භාරදීලා කොහොම හරි එව්වා මෙව්වා කරගෙන දෙකවසරටත් ආවා කියමුකො . වැඩේ කියන්නේ මේ ප්‍රයිමරියේ ඉගෙනගන්න කාලේ අවුරුදු පහේම අපේ පන්තියේ පන්ති නායකයා විදීයට හිටියේ මමතුමා . මේ පන්ති නායකකම හම්බෙන්න හේතු කීපයක්ම තිබ්බා . පන්තියේ පළවෙනියා වීම , පන්තියේ උසට මහතට දෙකේ හතරේ ඩයල් එකකට හිටියෙත් මම විතරක් වීම . තව එකක් තියෙනවා . අපේ පුංචි අම්මා ඒ ඉස්කෝලේ ගුරුවරියක් වීම . මුල කතා දෙක කෙසේ වෙතත් ඉතින් අන්තිම කතාවෙන් වැඩේ ගොඩ තමා .

;) ;) ;)

ඒකාලේ පන්ති නායකයාට කරන්න වැඩ කීපයක් තිබ්බා . ඒවයින් අමාරුම වැඩේ උනේ පන්තියේ මිස් නැති වෙලාවට ළමයි ටික සයිලන්ට් මූඩ් එකේ තියාගන්න එක . මිස් ඉන්න වෙලාවට හොර පූසා වගේ උන්නට මොකෝ මිස් නැති වෙලාවට ආයේ නෑ එකා එකා පිළිවෙලට තියල තමයි නෙලන්නේ . මිස් ළමයින්ට නෙලන කෝට්ටේන්ම මමත් නෙලනවා . එහෙම නෙලලා කොහොමහරි සයිලන්ට් මූඩ් එක තියාගත්තා . හැබැයි විකාර නටන වෙලාවට ඒවා ලීඩ් කරෙත් මමම තමයි . එව්වා පස්සේ කියන්න බැරිය .

ඒ ඉස්කෝලේ ප්‍රයිමරිය තිබ්බේ වෙනම ගොඩනැගිල්ලක . ඉතින් ඒ ගොඩනැගිල්ලේ තීන්ත ගාන්න ඕන නිසා අපේ පන්තිත් ඉස්කෝලේ වෙන වෙන ඉඩ තිබ්බ පන්තිකාමර වලට මාරු කරා . කොහොමහරි මම හිටපු පන්තිය දැම්මේ එකොළහ වසර තිබ්බ හෝල් එකේ පැත්තකට . අයියලා ඉගෙනගන්න වෙලාට ඉතින් අපේ සද්දේ අවුල් වෙන නිසා පන්තියේ නිශ්ශබ්දතාවය රකින එක ටිකක් වැදගත් උනා .

දවසක් ඉස්කෝලේ ස්ටාෆ් මීටින්ග් එකක් කියලා මට පන්තිය බලාගන්න කියලා මිස් ගියා . මිස් ගිය ගමන්ම වගේ අවුලක් නෑ . සෝ කූල් . ඉතින් මමත් ළඟ හිටපු හතර පස් දෙනෙක් එක්ක සෙට් වෙලා පෑන් ක්ලිප් සෙල්ලම් කරන්න පටන් ගත්තා . ටිකක් වෙලා යනකොට සද්දේ වැඩි උනා . මම නැගිටලා " කෑගහන්න එපා " කියලා සද්දයක් දැම්මා . අවුලක් නෑ . කට්ටිය සයිලන්ට් . මමත් ක්ලිප් ගේමට බැහැලා වැඩ වැඩ .

මම හිටියේ පන්තියේ පිටිපස්සෙම අයිනේ . පන්තියේ එක පැත්තකින් ඔන්න දෙන්නෙක් ගහගන්නවා හිටු කියලා . මම වහාම ක්‍රියාත්මක වන ලෙස ගියා එතනට .
" මේ ගහගන්න එපා " කියලා කිව්වා .

උන් ඇහුවේ නෑ . පස්සේ මටත් මල . මම කරපු වැඩේ උන් දෙන්නගේ කකුල් වලට පයින් ගහල ගහල

 " නවත්තනවා මේ ගහගන්න එක " කියලා කිව්වා .



නැවතුනේ නෑ . අන්තිමට මම දෙන්නා මැද්දට පැනලා දෙන්නව දෙපැත්තට කරන්න ට්‍රයි කළා . එත් පොඩ්ඩක් අමාරුයි . පස්සේ දෙන්නටම මම නෙලන්න පටන් ගත්තා . එකෙක්ට කම්මුලට දුන්නා චාටාස් පටාස් . අනිකට ෂොට් එක වැදුනේ ඔලුවට . වියරු වැටිලා වගේ හිටපු නිසා මටත් ඔලුව මතක් උනේ කෙළියට පස්සේ .

හම්මට උඩු ඔලුවට වැදිච්ච එකාගේ නහයෙන් ලේ එනවා . ඌ ලේන්සුවෙන් පිහදාගත්තා . ඒත් පස්සේ කමිසේ තෙත් වෙන්නම ලේ වැක්කෙරෙනවා . මම ඉතින් මුකුත් දන්නේ නෑ වගේ හිටියා . අපේ පන්තියේ වෙන එකෙක් ගිහින් එහා පන්තියේ අයියා කෙනෙක්ට කියලා මෙහෙම නහයෙන් ලේ එනවා කියල . ඒ අයිය ඇවිත් බලලා ගියා මිස්ලව මීට් වෙලා කියන්න . ඔන්න ගුරු මණ්ඩලයම එන්න ගත්තා . අපේ පුංචි ඇවිත් මාව අල්ලගත්තා මට කේන්ති ගියාම ගෙදර කරන වැඩ ටික දන්න නිසා .

ප්‍රින්සිපල් සෑරුත් ආවා . ඇවිල්ලා අර නහයෙන් ලේ එන එකාව ඉස්පිරිතාලේ එක්ක ගියා . ඒ ළමයාගේ අම්මයි තාත්තයිත් ආවා . පන්තියේ මිස් අනිත් ළමයින්ගෙන් අහලා මොකද උනේ කියලා . ඉතිං අනත් ළමයි කියලා වෙච්ච ටික . කොහොම හරි ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ මිස් බැන්නේ මට නෙවෙයි . මගෙන් ගුටි කාපු දෙන්නට . හික් හික් හික් ........ කොහොමහරි නහයෙන් ලේ එන එකාට පීනසටද කොහෙද ඔලුව ටිකක් බරට හෙල්ලුනාම නහයෙන් ලේ එන එකක් තිබිල . කවුද ඕවා දන්නේ . කලින් ඒවා කියලා තියන්න ඕන . කිව්වනම් වෙන තැනකට ගහනවනේ .

ඉස්කෝලේ සැරටම ගුටි කෙල ගත්තේ එදා තමයි . ඊට පස්සේ ගුටි කෙල ගත්තා . ඒත් ලොකු ලොකු ෂොට් දුන්නේ නෑ . සිරාවටම කියනවනම් ලේ දැක්කට පස්සේ මමත් බය උනා . හිහ් හිහ් හිහ් .......



එදා ඉතිං ඔන්න මම ඉස්කෝලේ ඇරිලා පුංචි එක්ක ගෙදර ආවා . මම මුකුත් කතා කරේ නෑ . බයටම බිම බලාගෙන ආවා .

පුංචි ගෙදර ඇවිත් අම්මටයි තාත්තටයි සැල කළා සීන් එක .

" ඔන්න අද කුමාරයා සටන් වැදිලා ඉන්නේ "

මම මුකුත් නොදන්න බබා වගේ ඇඳට වෙලා ඔලුවේ ඉඳලා රෙද්දක් පෙරවගෙන දොයියගත්තා .

මට නින්ද ගියේ නෑ . තාත්ත මෙන්න මේ සිංදුවේ කෑලි කෑලි  හෙමීට කියනවා ඇහුනා .

" පුංචි ළමයි වස නෑ පැටියෝ "

කියලත් කියනවා ඇහුනා . මට තාම හිතාගන්න බැරි තාත්තා පැටියෝ කිව්වේ මටද අම්මටද කියලා .


හික් හික් හික් .................

ඒ නහයෙන් ලේ ආපු ෆ්‍රෙඩා දැනට අවුරුදු දෙක තුනකට කලින් ඇලක නාන්න ගිහින් ගිලිලා මිය ගියා . එයාට නිවන් සුව පතාගෙන වයලීනෝ සතුටෙන් සාමයෙන් දැහැමෙන් සෙමෙන් ජීවත් උනා . ඔන්න ඔහොමයි ඒ කතාව .

Monday, September 23, 2013

දෙව්රජුන් වැඩි මග ඔස්සේ !





සුගත් තිලෝනා දඹදිව සිටලා
මෙලක් දිවට වඩිනා සඳ ලෝලා
සමන් සුරිඳු කිරිපලු රුක උගුලා
කුඩේ ලෙසට ගෙන ආවේ අල්ලා

නැගී ඇතුගෙ පිට සුදු සඳ පානේ
ඔබේ ගමන කන්දේ සොබමානේ
සබරගමුවෙ සිරි රුවන් විමානේ
දිනිඳු තරිඳු ලෙස නිබඳ වැසෙන්නේ

පහල ලින්ක් එකට කොටලා එන්න සමන් දේවාලේ පෙරහැර බලන්න .
(ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්........ හැබැයි සිංදුවට කියන්නෙපා . හොරෙන් එන්න මේ බ්ලොග් එකට )

සබරගමුවෙන් යලි උපන්නෙමු: දෙව්රජුන් වැඩි මග ඔස්සේ !


Thursday, September 12, 2013

මහා යන්තර රාජයාගේ කතන්දරේ





දැනට අවුරුද්දකට විතර කලින් අපේ අම්මා මගේ කේන්දරේ ටෙස්ට් කොරවන්න ඕන කියලා කේන්දර ටෙස්ට් කරන කෙනෙක් ගාවට යන්න ලැස්ති උනා . මුන් මොකක් කියයිද දන්නේ නෑනේ . හදිස්සියෙවත් වයලීනී ගැන එහෙම කිව්වොත් කියලා හිතලා මමත් අම්මා එක්ක ශේප් වෙලා ඒ ගමනට සැට් උනා . මගේ යාලුවෙක්ගෙ සීන් එකක් කේන්දර කාරයෙක්ගෙන් ඔහොම ලීක් වෙලා තිබුණා . ඒ නිසා මමත් සූදානම් සරීරෙ කියලා ගමනට බලෙන්ම වගේ සැට් උනේ .

කේන්දර පොර ගාවට ගියා ඔන්න . මිනිහා ටිකක් දස්ස පොරක් කියලා මේ පැත්තේ අය දන්නවා . ඔන්න දැන් කේන්දරේ දුන්නා උන්දැගේ අතට . බුලත් අතක 500/= තියලත් දෙන්න ඕන . නැත්නම් මිනිහට මොකවත් කියවෙන්නේ නෑ . මිනිහගේ ප්‍රොසෙසර් වැඩ කරන්නේ 500 දැක්කම .

මෑන්ස් කේන්දරේ දිහා බලාගෙන ඉඳලා පටන් ගත්තා උපන්දා ඉඳලා මගේ කැරැට්ටුව දිගාරින්න . කියාගෙන කියාගෙන යනකොට මම ෆෝන් එකෙ රෙකෝඩින් ඕන් කරා . හම්මට උඩු හිතුවා වගේම මිනිහා වයලීනි ගැනත් ලීක් කරා . මම මුකුත් දන්නේ නෑ වගේ හිටියේ . හිහිහිහිහිහිහිහීහිහිහ්හ්

එහෙම කියලා කතාව ශේප් උනා . අන්තිමට මිනිහා අපේ අම්මට කිව්වා මෙයාට යන්තරයක් දාන්න ඕන කියලා . එතකොට ඔන්න අපේ අම්මත් බොරුවට වගේ කේන්දර පොරට කිව්වා යන්තරේ දාන්න කීයක් වියදම් වෙයිද කියලා . මොකද අම්මත් ඒ යන්තර කෙරුවාව ෂුවර් කරේ නෑ . කේන්දර පොර කිව්වා 30000/= ක් විතර වියදම් වෙයි කියලා . අම්මා ඒකට මුකුත් කියන්න කලින් මම කේන්දර පොරට පෙන්නේ නැතිවෙන්න අම්මගේ කකුලට ඇන්නා . එතකොට අම්මා ඒ මනුස්සයට කියපි , යන්තරය මොකද්ද කියලා කිව්වනම් ඉතිං අපිට ඕක දන්න කෙනෙක්ට කියලා දම්මගන්න තිබුනා කියලා . (මම හිතුවේ අම්මා තණකොළ කපන යන්තරයක් මගේ බෙල්ලේ එල්ලන්න හදනවා කියලා) . හැක හැක ......



කේන්දර පොර යන්තරේ ගැන විස්තර කරා . සූර්ය මණ්ඩලය කියලා යන්තර විජ්ජාවේ ඉහලම තැනක තියෙන යන්තරයක් ඒක . අර හකුරු හදන මිනිහා හකුරු හදන්න උඩට උඩුවියන් පයට පාවඩ දානවා කිව්වා වගේ හොඳ ශෝ එකක් මිනිහ අපිට යන්තරේ ගැන විස්තරයක් දුන්නා .

අනේ යකෝ උඹයි මමයි දන්න යන්තර කියලා හිත හිත මම අම්මත් එක්ක ගෙදර ආවා .



අපේ ගෙදර යන්තර එල්ලගෙන ඉන්න කවුරුවත් නෑ ඉතිං . මොකද දැන් ඕවා කරන ෂුවර් පොරවල් නෑනේ . ඒත් අපේ ආච්චිගේ අප්පොච්චා ඒ කාලේ දඹරන් සුරයක  එයාට දාගත්ත රතන සූත්‍රයට අනුව හදවපු  යන්තරයකුයි දිව්‍ය රාජ මණ්ඩලය කියලා යන්තරයකුයි තිබුනා . ඒක ඒ මුත්තා මැරෙන්න කලින් අපේ ආච්චිගේ කරේ එල්ලලා තිබුනා . ආච්චි මැරෙන්න කලින් එයා ඒක රිදී සුරයක දාලා මගේ බෙල්ලේ එල්ලුවා ( රත්තරං එක එල්ලුවේ නැත්තේ මොකද මම ෂුවර් නැති පොරක් නිසා ) . යන්තර මන්තර ගැන එච්චරම ෂුවර් එකක් තිබුනේ නැතත් අවුරුදු 100කටත් වඩා කාලයක් මේක තිබුණනේ කියලා ආසාවෙන් මමත් එල්ල ගත්තා . මුලදී වැඩි වෙනසක් තිබ්බේ නෑ .

ඒත් මම ඒක ගැන සමහර වෙලාවල් වලදී සැලකිලිමත් උනා . සමන් දේවාලේ පෙරහැර බලන්න ගියාම මම දවසක් යන්තරේ දාගෙන ගියා . දේවාලෙට මම පෙරහැර කාලෙට යන්නේ දෙයියෝ බලන් නෙවෙයි අලි බලන්න . ඒ ගියාම ඉතින් අලි බබාලව පොඩ්ඩක් ටච් කොරලා හායි කියලා හිනාවක් දාලා එනවා . යන්තරේ දාගෙන අලි ඇත්තු කිට්ටුවට ගියාම උන් මගේ පැත්තට ලං වෙන්න , හැරෙන්න ට්‍රයි කරන සීන් එකක් තිබ්බා . යන්තරේ නැතුව ගියාම උන්ගේ හැසිරීමේ වෙනසක් තිබ්බේ නෑ .

ෆොටෝ එකක් ගන්න කියලා ගිය අවුරුද්දේ පෙරහැර ගෙට ගෙවදින වෙලාවේ මමයි තව යාළුවෙකුයි කරඬුව වඩම්මන ඇතා ඉස්සරහට පැන්නා . මල සීන් එක ඇතා පාවඩේ දිගේ යන්නේ නැතුව මගේ පැත්තට හැරිලා එන්න ආවා . එක පැත්තක සේසත් අල්ලන් හිටපු අයත් අයිනට උනා . මම රත් උනා . පස්සේ ඉතිං මම ෆොටෝ එක අරන් ඇතාට පෙන්නේ නැතිවෙන්න ටක් ගාලා මුවා උනා . කවුරුත් දන්නේ නැතුව ඇති මගේ පැත්තට හැරුණේ කියලා  හිහිහිහිහිහීහිහ්හ .

අලි බලන අංකල් හෙන්ඩුව කකුලට දාලා , ඇදලා ඇදලා පාවාඩෙට ඇතාව ආයෙත් යොමු කරගත්තා . හිහිහිහීහ්හිහ්හ ඒ ඇතා ගැන මේ පොස්ට් එකේ තියෙනවා

මේ තියෙන්නේ එදා ගත්ත මාරාන්තික ෆොටෝ එක .



සින්දුව මහතාගේ ගෙදර ඉන්නවා සෝයි බලු රාල කෙනෙක් ( කකුල් හතරේ එකා ගැන කිව්වේ ) .  මේ යන්තරේ දාගෙන ගිය දවසට ඔය බලු රාල මාව මරාගෙන කන්න බුර බුර පනින්නේ නෑ . අනිත් දවසට ගෙදරට යනකොට බුරාගෙන පැනලා මගුලක් නටනවා . ඕක හොඳටම අත්දැකපු සීන් එකක් . කොහොමත් අලි නයි පූසෝ සහ බල්ලන් මේ දේවල් වලට වඩා සංවේදියි කියල කියනවා  .

වැඩේ කියන්නේ ඉතිං මගේ තියෙන සැලකිල්ලෙ හැටියට යන්තරේ අස්තානගත උනා . තාම හොයාගන්න උනේ නෑ  . ඔන්න අපේ අම්මට එහෙම ඔය ගැන කියනවා නෙවෙයි . අම්මා මට බනියි . මම පව් .



මම දවසක් ඒ යන්තරේ ගලවලා බැලුවා . මොකද අතට අහුවෙන කොයිකත් ගලවලා බැලුවේ නැත්නම් මට නින්ද යන්නේ නැති ලෙඩක් තියෙන නිසා . තඹ තහඩු කීපයක කොටු කොටු වෙන් කරලා ඒ කොටුවල රතන සූත්‍රය ලියලා ඒ තහඩු ඔක්කොම එකට රෝල් කරලා තමයි සුරයට දාලා තිබුනේ .
ඉතිං දරුවනේ ඔයාලට කියවන්න , යන්ත්‍ර ගැනත් මක්ක හරි ලියන්න කියලා හිතුවා .

යන්ත්‍රය කියන්නේ අපිට නොපෙනෙන විශ්ව ශක්තිය සහ දෙවියන්ව අපි ගාවට ගෙන්න ගන්න කරන උපක්‍රමයක් . මේ යන්ත්‍ර වලින් එහෙම කරන්න පුළුවන් වැඩකිඩ අටක් පුරාණයේ ඍෂිවරු උගන්නලා තියෙනවා .

වශිය , ආකර්ෂණය , විද්වන්සනය , පේෂණය , ස්ථම්භනය , උච්චාටනය , මරණය , මෝහනය තමයි ඒ වැඩ අට .

යන්තර ගැන කිව්වම සරලම යන්ත්‍ර වර්ග බිම අඳින ඒවා තියෙනවා . යක්කු දෙවිවරු ආවේස උනාම හරි නැත්නම් ඒ අය තමාගේ පස්සෙන් එනකොට හරි ඒක නවත්වන්න මේ යන්ත්‍ර වර්ග , මතුරපු පිහි සහ කෝටු වලින් බිම අඳිනවා . සමහර වෙලාවල් වලට බිම ඉරි අඳිනවා . යන්ත්‍ර කියලා කියන්න තියෙන ප්‍රාථමිකම දේවල් තමයි ඒ .

ඊටපස්සේ සමහර සංකේත වර්ග යන්ත්‍ර විදියට භාවිතා කරනවා . අටමගල , පංචායුධය , හින්දු ඕම් අක්ෂරය , , ශක්‍රම් ඒවගේ සංකේත කීපයක් .

සක්වල චක්‍රයත් එක විදියක යන්ත්‍රයක් . ඒත් මම ඒ ගැන දන්නේ නැති නිසා ඒ ගැන වැඩිය කියන්නේ නෑ ඔන්න හොඳේ



චාමරය , ප්‍රදීපය , වත්සය , ශංකය , ස්වස්තිකය , ඡත්‍රය , දර්පනය , පුන්කලස කියන ටික තමයි අටමගලට අයත් ඒ ලකුණු අට . මේකත් එක විදියක යන්ත්‍රයක් . මේක සමහර තැන් වලදී බිම අඳිනවා . නැත්නම් ඔය ලකුණු ගල් පුවරු ලීපුවරුවල කැටයම් කරනවා . බහිරව පූජා , ගොයම් පෑගීම වගේ දේවල් වලදී මේ අටමගල බිම අඳිනවා . ඊට අමතරව වෙනත් යන්ත්‍ර ලියනකොටත් මේ අටමගල බිම ඇඳලා ඒක උඩ ඉඳගෙන ලියනවා . ඉස්සර කාලේ අකුරු කරවන්න කලින් ශිෂ්‍යයා බිම ඇදපු අටමගලක් උඩට ගෙන්නනවා කියලා කියනවා .

පංචායුධය ගැන කියනවනම් ආයුධවල තියෙන බලය භාවිතා කරගෙන ඒ බලය සංකේතවත් කරලා තමන්ට ඒකෙන් මොකක්හරි හොඳක් සහ ආරක්ෂාවක් ලබාගන්න තමයි භාවිතා කරන්නේ . පංචායුධ කුමාරයාගේ කතාව අහලා ඇතිනේ . මේ පංචායුධ ගැන විවිධ මත තියෙනවා . දුන්න ත්‍රීශුලය කඩුව අඩයටිය පාරාවළල්ල කියන ටික තමයි වයලීනොගේ බෙල්ලේ එල්ලලා තිබ්බ පංචායුදේ තිබුනේ . ඒත් පලිහ , හක්ගෙඩිය වගේ ඒවත් සමහර පංචායු  වල අර කිව්ව ඒවායින් මොකක්හරි වෙනුවට තියෙනවා .

ශක්‍රම් කියන ඒවා ඍෂිවරු එක එක සංකල්ප වලට අනුව හදපු සංකේත වර්ගයක් . හූනියම් කැපීමේ ශාන්තිකර්ම වලදී මේ ශක්‍රම් බිම ඇඳලා , ආතුරයා ඒවා උඩ ඉන්දවලා මතුරමින් ශාන්තිකර්මය කරනවා . ඒවයෙදී බලපොරොත්තු වෙන්නේ මතුරන මන්තරවල ශක්තිය වැඩි කරන්න ශක්‍රම උපයෝගී කරගන්න එක
මේ ශක්‍රම් වලට නම් දාලා තියෙනවා .
ඊශ්වර ශක්‍රම
හනුමා ශක්‍රම
වඩිග ශක්‍රම
ඔඩ්ඩි ශක්‍රම වගේ නම් තියෙන ශක්‍රම් පද්ධති විශාල ගණනක් තියෙනවා .



දැන් බලමු අපි සාමාන්‍යයෙන් යන්තර කියලා තඹ තහඩුවල ලියන යන්තර ගැන . මේ යන්තර හදන්න ගන්න පිළිවෙලක් තියෙනවා .

යන්තර තහඩුවක ලියන එක කරන කාල වකවානු එක එක කාල වලදී වෙන් කරලා තියෙනවා .
වසන්ත කාලය ආරම්භ වෙනකොටම වගේ කාලෙකදී විද්වන්සනයට
පොසොන් ඇසල මාසවල උච්චාටනයට
නිකිණි බිනර මාසවල මරණයට
සරත් ඍතුවේදී ආකර්ෂණයට
උඳුවප් දුරුතු මාසවල ස්ථම්භනයට
නවම් මැදින් මාසවල මෝහනයට සහ
ඕනෑම කාලයකදී වශී කර්මයට යන්තර ලිවීම සිද්ධ කරනවා

යන්තර ලියනවා කියන එක හරිම පරිස්සමෙන් කරන්න ඕන . යන්තරවල අඳින ඉරි එකට එක කැපිලා යන්න අඳින්නේ නෑ . හැම ඉරි කෑල්ලල්ක්ම වෙන වෙනම අඳින්න ඕන . යන්තර වලට තඹ කොළ දැන් කාලේ ගත්තත් ඉස්සර කාලේ රත්තරන් තහඩු රිදී තහඩු පවා අරගෙන තියෙනවා . දෙවියන් බන්ධනය කරලා හදන යන්තර වලට රත්තරන් තහඩු තමයි ගන්න කියන්නේ . එත් ඉතින් රත්තරං වැඩි හරියක් තියෙන්නේ ගෑනුන්ගේ කරේ නිසා ඒකටත් තඹ තහඩුම ගන්නවා . පුස්කොලත් අරගෙන තියෙනවා . ඒ පුස්කොල ගන්නේ පොඩි පොඩි ලෙඩවල් වලට ගන්න යන්තර වලට . ඒවා තාවකාලික යන්තර .



යන්තර ලියන්නේ සියුම් තුඩක් තියෙන කටුවකින් තහඩුව හූරමින් අපිට ඕන අකුරු තහඩුවේ ස්ථාපනය කරලා . කොටු අඳින්නෙත් එහෙමම තමයි .

යන්තර වලට ගන්න තහඩුවේ දිග පළල ඒ යන්තරෙන් කෙරෙන කාර්යය අනුවේ වෙනස් වෙනවා .
සුභ කාරනා වලට හරි හතරැස්
මරණයට පළල මෙන් දෙගුණයක් දිග
ජය ලැබීමට පළල වගේ තුන් ගුණයක් දිග
රෝග සෑදීමට පළල වගේ හතර ගුණයක් දිග
ලාභ ලැබීමට පළල වගේ පස් ගුණයක් දිග
නිෂ්ඵල ක්‍රියා වලට පළල වගේ හය ගුණයක් දිග
ශ්‍රියාව ඇතිවෙන්න පළල වගේ හත් ගුණයක් දිග
අර්ථ හානි කරන්න පළල වගේ අට ගුණයක් දිග

යන්තර ලියන්න සාමාන්‍යයෙන් ගෙයක් පිරිසිදු කරලා උඩු වියන් බැඳලා බිම ගොම මැටි ගාලා ඒ ගෙදර පේ කරලා තමයි කරන්න ඕන . ඒත් මේක සමහර යන්තරවල හැටියට වෙනස් වෙනවා . ගොඩක්ම ලොකු ලොකු යන්ත්‍ර මණ්ඩල ලියන්නේ මුලින් කිව්වා වගේ ගෙයක් ඇතුලේ . එහෙම නැත්නම් වෙන සුභ දේවල් වලට යන්තර ලියන්නේ කිරි ගස් , වැල් වර්ග යට ඉඳලා . වැල් කිව්වේ පුස් වැල් රසකිද වැල් වගේ වැල් යට ඉඳලා . එහෙම නැත්නම් ගල් පර්වත උඩ ඉඳලා . අනිත් වැඩ කිඩ වලට මුහුදු වෙරළේ , ගඟේ ඇලේ දොලේ වගේ තැන් වල ඉවුරේ ඉඳලා ලියනවා . එහෙමත් නැත්නම් බෝ ගස් , නුග ගස් , නා ගස් , අඹ ගස් , බෙලි ගස් , තුංමං හන්දි හතරමං හන්දි සොහොන් පිටිය , මිනී වල ඇතුලේ කියන විවිධ ස්ථානවල ලියනවා .

යන්තර බෙල්ලේ එල්ලන්න ගන්න නූල ගැනත් බලන්න ඕන . නරක වැඩක්නම් කළු නූල් , සතුරන්ගෙන් මොකක් හරි කරදර තියෙනවනම් , යන්තරේ දාන්නේ ඒ වෙනුවෙන් නම් රතු නූල් , අනිත් වෙන වැඩ වලට සුදු නූල් ගන්න ඕන .
නරක වැඩ වලට නූල් හතර පොටක් , සතුරු කෙස් වලට නූල් හත් පොටක් , අනිත් වැඩ වලට නව පොටක් කියන විදියට නූල් ගන්න ඕන .



යන්තර වල පිහිටවන අකුරු වලින් එක එක දේවල් සංකේතවත් වෙනවා . ඔයාලටත් කවදා හරි යන්තරයක් හම්බුනොත් ගලවලා තියෙන අකුරු මොනවද කියලා බලන්න . නැකත් දේවතාවන් , ලග්න දේවතාවන් , නවග්‍රහයින් , දිව්‍යාංගනාවන් , වෙනත් දෙවිවරුන් වගේ අය ඒ සංකේත වලින් පෙන්නුම් කරනවා . ඉතින් මේ අකුරු යන්තරවල ලියලා පන පිහිටවන මන්තර වලින් පන පිහිටෙව්වම අර අදාලා දෙවිවරු මේ යන්තරේට බැල්ම දානවා කියලා විශ්වාස කරනවා .

ලග්න දෙවිවරු
මේෂ - මේ0
වෘෂභ - වෘ0
මිතුන - මි0
කටක - ක0
සිංහ - සි0
කන්‍යා - ක0
තුලා - තු0
වෘශ්චික - වෘ0
ධනු - ධ0
මකර - ම0
කුම්භ - කු0
මීන - මී0

ග්‍රහ දෙවිවරු
රවී - ර0
චන්ද්‍ර - ච0
කුජ - කු0
බුධ - බු0
ගුරු - ගු0
ශුක්‍ර - ශු0
ශනි - ශ0
රාහු - රා0
කේතු - කේ0

දිව්‍යාංගනාවන්
බ්‍රහ්මනී - බ්‍ර0
වාරාහි - වා0
මහේෂ්වරී - ම0
කෞමාරි - කෞ0
වාමුන්ඩි - ව0
වෛෂ්නවී - වෛ0
මහා ලක්ෂ්මී - ල0
උමයන්ගනා - උ0
සරස්වතී - ස0
මහීකාන්ත - ම0
ඉන්ද්‍රානි - ඉ0

දෙවිවරු
ඓරාවන - ඓ0
පුණ්ඩරීක - පු0
වාමන - වා0
පුෂ්පදන්ත - පු0
කුමුදෝජන - කු0
භෞම - භෞ0
සුපති - සුං
විසාවන් - වී0
ප්‍රකාසන් - ප්‍ර0
ආදිත්‍ය - ආ0

( මේ දැන් ගොන් කතා අහන්න එපා අර ලොකුවට තියෙන බෝලේ මොකක්ද කියලා . බින්දුව කොටන්න විදියක් නැති නිසයි බෝලයක් දැම්මේ )

තව ඉතින් අකුරු ගොඩක් තියෙනවා . මේකේ ටයිප් කරන්න බෑ කොයි විදියකින්වත් . ට්‍රයි කරාට කරන්න බැරි උනා . ආ සතරවරම් දෙවිවරුත් පිහිටවන්න පුළුවන් . රාක්ෂයින් විදියට නම් කරන ආඝොර සිව වටුක වගේ අයත් පිහිටවනන් පුළුවන් . මේ මේ යට වෙන් වෙච්ච යන්ත්‍ර වෙන වෙනමත් තියෙනවා .

# යන්තර වලට මතුරන්න මන්තර වර්ග කීපයක්ම තියෙනවා .
# හැම යන්තරේටම වෙන් වෙච්ච එක මන්තරයක් තියෙනවා . ඒක ජීවන් කරන මන්තරය
# යන්තරේ දිෂ්ටි කරන මන්තර වර්ග කීපයක්ම තියෙනවා .
# යන්ත්‍ර පලිප්පුව කියලා වෙනමම මන්තර වර්ගයක් තියෙනවා .
# යන්තරේ එල්ලගන්න කෙනාගේ නමට යන්තරේ බාර කරන්න වෙනම මන්තර තියෙනවා
# යන්තරේ මතුරනකොට අල්ලන්නේ නෑ . මල් පහන් පූජා කරපු තටුවක තමයි මතුරන්නේ . මතුරලා ඉවර උනාට පස්සේ යන්තරේ අල්ලන්න කලින් කියන්න ඕන මන්තර වර්ගයකුත් තියෙනවා .
# යන්තරේ තහඩුව දිගාරලා තියාගෙන තමයි මතුරන්නේ . ඉතින් ඊට පස්සේ යන්තරේ රෝල් කරන්න කලින් ඇල් වතුරෙන් ඌරච්චි කරපු සුදු හඳුන් මේ යන්තරේ ආලේප කරන්නත් ඕන . ඒ සුදු හඳුන් මතුරන්න වෙනමම මන්තර තියෙනවා .
# යන්තරේ සුරයකට දාන්න කලින් රෝල් කරනකොට කියන්නත් මන්තර තියෙනවා
# සුරේ වහලා තද කරාට පස්සේ කියන්නත් මන්තර තියෙනවා
# සුරේ ආතුරයාගේ බෙල්ලේ එල්ලනකොට කියන්නත් මන්තර තියෙනවා

යන්තර බෙල්ලේ එල්ලගත්තම මස් මාළු කන්නේ නැතුව කිල්ලට අහුවෙන්නේ නැතුව යම්කිසිකාලයක් ඉන්න ඕන . අනික තමයි යන්තර එල්ලනකොට එල්ලන්න ඕන ඇඟේ නිල කේන්ද්‍ර වෙන තැන් වලට . ඉනේ බඳින එක තමයි වැඩියම හොඳ . නැත්නම් පෙකනියේ , පපුවේ හදවත පිහිටන ස්ථානයට ආසන්නව තමයි යන්තර ස්පර්ශ වෙන්න ඕන හොඳම තැන් .
කලින් කිව්වා වගේ නිල ගණනාවක්ම කේන්ද්‍ර වෙන ලිංගේන්ද්‍රය කිට්ටුවම එල්ලන එකයි හොඳම කියල කියන්නේ .

යන්තර ගැන පොඩි අදහසක් දෙන්නයි මෙහෙම ලිව්වේ . මොකද අද කාලේ යන්තර දාන එක බිස්නස් එකක්නේ . අද කිව්වා හෙට දැම්මා . ඒත් ළමයිනේ සාමාන්‍ය යන්තරයක් පල දෙන්න හදන්න ඕන නම් ජීවම් කිරීම මාසයක විතර කාලයක් කරන්න කියලා කියනවා . මොකද අපි යන්තර වලින් කරන්නේ කට හඬින් යන්තරේ තියෙන අක්ෂර පන පොවලා ඒ කම්පනය කාලයක් තිස්සේ යන්තරේ පවතින තත්වයට පත්කරගන්න එක . ඉතිං බොරු කාරයන්ට අහුවෙනවට වඩා හොඳයි ඉතින් යන්තර නොදා ඉන්න එක .

යන්ත්‍රයකට මතුරන වෙලාවට රාක්ෂයින් කීප දෙනෙක් ඉන්නවා අනිවාර්යයෙන්ම එන්න ඕන . ඒ අය ගෙන්න ගන්නේ නැතුව යන්තර වලට මතුරන එකේ වැඩක් නෑ . ඒ එන අයට පේන්න හොඳ පූජාවකුත් තියන්න ඕන . එහෙම තිබ්බේ නැත්නම් ඇදුරට කෙළවෙන්න ඉඩ තියෙනවා .

මට යන්තරේ දාන්න කිව්වා කේන්දර පොරත් ඒ කතාව කිව්වා . සමහර යන්තර තියෙනවා සාමාන්‍ය මිනිස්සුන්ට ජීවම් කරන්න බැරි . ඒ යන්තර ජීවම් කරන්න භාවනානුයෝගී කෙනෙක් වෙන්න ඕන . නැත්නම් දෙවිවරු කරදර කරලා යන්තරේ වැඩ කිඩ අවුල් කරලා දානවා . සූර්ය මණ්ඩලය කියන යන්තරයත් එහෙමයි . ඒක සාමාන්‍ය අය බාගෙට මතුරලා දානවා ඇති . ඒත් හරියට කරනවානම් අවදානම් වැඩක් .



යන්තර ටිකක නම්
විෂ්ණු මණ්ඩලය
කන්ධ කුමාර මණ්ඩලය
සූර්යමණ්ඩලය
දිව්‍යරාජමන්ඩලය
ආඝෝර
නවනාත
සිලම්භර
නීලමණ්ඩල
සංජීවන
නරසිංහ
රවී මෘතුන්ජය ( ග්‍රහයෝ 9ට 9ක් තියෙනවා )
මේෂ කාක්ෂය ( ලග්න 12ට 12ක් තියෙනවා )
ලක්ෂ්මී මණ්ඩලය
සරස්වතී යන්ත්‍රය
සිව
වටුක
සිවවටුක
ජලනන්දන
ස්වර්ණමාලි
සීවලී
රතන
පාතාල රාජය

මේවා නම් කරලා තියෙන යන්තර ටිකක් . තව ගොඩාක් ඒවා තියෙනවා . මේක පිළිවෙලකට ඉගෙනගත්තම යන්තර අලුතෙන් හදලා දාන්නත් පුළුවන් වෙනවා .

තව නමක් නැති ඒත් එක එක ලෙඩවල් වලට , දරුපල නැතුවට , ඔය ගෑනු අයට මාසෙන් මාසෙට මෙව්වා වෙනකොට අමාරු වෙනවනම් ඒවට අරවට මේවට දාන යන්තර තියෙනවා . එව්වා එයාකාරයි මෙව්වා මෙයාකාරයි .

එහෙනම් මම යනවා මගේ නැතිවෙච්ච යන්තරේ හොයන්න . ඔන්න ළමයි දැන් යන්තර ගැන ටිකක් දන්නවනේ . බොරුකාරයින්ට රැවටෙන්න එපා . රැවටිලා කියන්න එපා වයලිනොගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් කියලා . ලැජ්ජයි

සමහර ෆොටෝ ගූගල් එකෙන් ගත්තේ . ඒවා අප්ලෝඩ් කරපු මගේ යාලුවන්ට ( මාමලාට අයියාලාට ) ගොඩාක් පිං ඔන්න හොඳේ .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !